යොහාන් භාසුර
ශ්‍රී ලංකාවේ බෝට්ටු තැනීමේ සහ බෝට්ටු කර්මාන්තයේ වර්ධනයට දායක වීම සඳහා පුළුල් නියාමන රාමුවක් සංවර්ධනය කිරීම සඳහා මූලික පියවරක් ලෙස ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය දැනුවත් කිරීමේ සැසියක් පසුගියදා පැවැත්වීය.
එම ක්ෂේත්‍රයේ විභවය වැඩි දියුණු කිරීම, ජාත්‍යන්තර තරගකාරිත්වයකින් එය ඉදිරියට ගෙන යාම එම සැසියේ අරමුණ බවත් එම ක්ෂේත්‍රයේ ඵලදායී අවබෝධය සහ සහයෝගීතාව සහතික කිරීම, නියාමන රාමුව පිළිබඳ මෑතකදී නිකුත් කරන ලද ගැසට් නිවේදනය පිළිබඳව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් දැනුවත් කළ බවත් අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය.
බෝට්ටු සහ නැව් තැනීම වේගයෙන් නැගී එන අපනයන අංශයක් පමණක් නොව, ශ්‍රී ලංකාවට නව ආර්ථික අවස්ථා විවෘත කිරීමේ විභවයක් සහිත මිලියන ගණනක ඩොලර් ඉපයිය හැකි කර්මාන්තයක් ද වේ. කුලියට ගැනීම සහ නාවික කටයුතු සඳහා යාත්‍රා තැනීමට සහ ක්‍රියාත්මක කිරීමට ජාතියට ඇති හැකියාවත් සමඟ, විදේශීය යාත්‍රා සහ ශ්‍රී ලංකා මුහුදු තීරයට අමුත්තන් ආකර්ෂණය කරගැනීමෙන් නාවික සංචාරක කර්මාන්තයේ අවස්ථා වැඩි දියුණු කිරීමට අද්විතීය අවස්ථාවක් තිබේ. කෙසේ වෙතත් එම කර්මාන්තය සැබවින්ම සාර්ථක වීමට නම්, සමස්ත වටිනාකම් දාමය ආවරණය වන පරිදි හොඳින් ස්ථාපිත නියාමන රාමුවක් අවශ්‍ය වේ. එබැවින්, මෙම අංශයේ විභවය සහ මෙම අංශය සංවර්ධනය කිරීමේ වැදගත්කම හඳුනාගෙන, රජය ශක්තිමත් නියාමන රාමුවක් ස්ථාපිත කිරීම සඳහා අරමුදල් වෙන් කර ඇත.
බෝට්ටු කර්මාන්තයේ වර්ධනයට පුළුල් නියාමන රාමුවක්