IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුමක්

නිමල කොඩිතුවක්කු


බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ පිලිපීන ජන රජයේ විදේශ සේවා ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ සහ පිලිපීනයේ විදේශ සේවා නිලධාරීන් අතර රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ අධ්‍යයන, පර්ෙ ය්ෂණ හා පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ විශේෂඥතා හුවමාරු කර ගැනීම ආදිය සඳහා පහසුකම් සැලසෙන පරිදි ශ්‍රී ලංකාවේ බණ්ඩාර නායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ පිලිපීන ජන රජයේ විදේශ සේවා ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. එකී ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site