IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


බ්‍රිස්ටල් ටේලර්ස් අධිපතිට ආසියා 'රන් කතුර'

කොළඹ   බ්‍රිස්ටල් ටේලර්ස්  ආයතනයේ  ප්‍රධානි චාන්දන විජේසේකර ආසියාවේ  ප්‍රධාන පෙළේ  ටේලර්වරුන්ගේ  ෆෙඩරේෂණයේ ‘රන් කතුරු’ සම්මානයෙන්  පිදුම්  ලැබීය.

ශ්‍රි  ලංකාවේ දී හා  ආසියාවේ දී  එම කර්මාන්තයට  දැක්වන  දායකත්වයෙන්  කලාතුරකින්  පිරිනැමෙන මෙම සම්මානය ඔහුට  හිමි විය.

පාරිභෝගිකයාට  ගැලපෙන පරිදි විශිෂ්ට නිමාවකින්  යුතුව ඇදුම් මැසිමේ යෙදෙන ආසියාවේ ප්‍රධාන පෙළේ ඇදුම් මහන්නන්ගේ ඩෛරේෂණය තායිලන්තයේ දී  ඔවුන්ගේ  26 වැනි සමුළුව දින පහක්  පුරා  පැවැත්විය. ශ්‍රී  ලංකාවේ  බ්‍රිස්ටල් ටේලර්ස්  ආයතනය පරම්පරාවෙන්  පරම්පරාවට  පැවත එන පිළිගත් හා පළපුරුද්දක්  ඇති  එම කර්මාන්තයේ ප්‍රමුඛයෙකි.

ආසියා සාමාජිකත්වය 1998 දී  ශ්‍රී  ලංකාවේ  ප්‍රධාන ටේලර්වරුන්ගේ සංගමයට ලබා ගැනීමට  විජේසේකර මුල් විය. එතැන් පටන් ශ්‍රී  ලංකා සාමාජිකයෝ ආසියා ෆෙඩරේෂණයේ වාර්ෂික සමුළුවට  සහභාගී වී දැනුම බෙදා හදා ගනිති.

ලොව ප්‍රධාන ටේලර්වරුන්ගේ සංවිධානයේ සාමාජිකත්වය 2013 දී  ලංකාවට  හිමිකර ගැනීමට ද විජේසේකර සමත්විය. ඔහු ෆෙඩරේෂණයේ  වාර්ෂික මැහුම් තරග විනිශ්චකරුවෙක් ද වෙයි. ශ්‍රී  ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ  සන්නාලි  පාඨමාලාව හදාරන සිසුනට  ද ඔහු දේශන පවත්වයි.

තායිලන්තයේ  උබෝන් නුවර  සුනී  ග්‍රෑන්ඩ් හෝටලයේ  පැවති  එම සමුළුවට  ශ්‍රි  ලංකාවේ විජේසේකරට  අමතරව සංගමයේ  සභාපති  ලක්ෂමන් ගුරුගේ  (දළුගම පෙටා ටේලර්ස්) භාණ්ඩාගාරික තීක්ෂණ උඩගෙදර ද (මහනුවර ලින්ටන් ටේලර්ස් ) සහභාගී වුහ.

DSC_9891



අදහස් (0)

බ්‍රිස්ටල් ටේලර්ස් අධිපතිට ආසියා 'රන් කතුර'

ප්‍රසන්න Friday, 05 August 2016 06:09 AM

අපේ උණුසුම් සුබ පැතුම් (ම)

:       0       0

කැනඩා දිසා Saturday, 06 August 2016 12:41 AM

මම ආනන්දේ අයෙක්. ඔබට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

විමල් Monday, 08 August 2016 10:02 AM

ඔබ සමග කතා කරන්න කැමතියි 0114641942 (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site