IMG-LOGO

2026 ඔක්තෝබර් මස 11 වන ඉරිදා


බ්ලු‍ෆීල්ඩ් තේ වතුයායේ කබානා විවෘත කෙරේ

තලවකැලේ - ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ සහ කොත්මලේ - සුදත් එස්. කුමාරසිරි


දෙස් විදෙස් සංචාරකයන්ට නැවුම් ආශ්වාදයක් ලබාදීම උදෙසා විවිධ දර්ශන නැරඹිය හැකි අයුරින් ඉදිකරන ලද නව කබානා පද්ධතියක් කොත්මලේ, රම්බොඩ, බ්ලු‍ෆීල්ඩ් තේ වතුයායේ දී ආරම්භ කෙරිණි. මෙම කබානා තුළ නවාතැන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට තේ වතුයාය තුළ සෆාරි සවාරියක නිරත වීම, තේ කර්මාන්ත ශාලාව නැරඹීම, අතින් සාදන තේ කුඩු යොදා සකසන ලද තේවල රස විඳීම, දිවා ආහාරය ඇතුළු විවිධ අංග රැසක් අත්විඳීමේ හැකියාව ලැබේ.
බ්ලු‍ෆීල්ඩ් වතු කළමනාකරණ ආයතනයේ සභාපති මොහොමඩ් නිසාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කබානා පද්ධතිය පසුගියදා විවෘත කරනු ලැබීය.



අදහස් (0)

බ්ලු‍ෆීල්ඩ් තේ වතුයායේ කබානා විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site