IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


මෝටර් වාහන සුඛෝපභෝගී බදු සීමා සංශෝධන පාර්ලිමේන්තුවට

නිමල කොඩිතුවක්කු

රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නිවේදනය/ නියමය / නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2025 -01-31 දිනැති අංක 2421/41 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2018 අංක 35 දරන මුදල් පනත යටතේ මෝටර් වාහන මත සුඛෝපභෝගී බදු සීමාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන නිවේදනය.

2025-01-31 දිනැති අංක 2421/42 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන සඳහා නිෂ්පාදන බදු අනුපාතය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධි විධාන) පනත යටතේ නිකුත් කරන ලද නියමය.

2025-01-31 දිනැති අංක 2421/30 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අපගමන බද්ද සඳහා ලබා දී ඇති සියයට 50ක සහනය ක්‍රියාත්මක වන කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නිකුත් කරන ලද නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

 



අදහස් (0)

මෝටර් වාහන සුඛෝපභෝගී බදු සීමා සංශෝධන පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site