IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට

පිටකොටුවේ මැනිං වෙළඳ පොළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අත්තිවාරම ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

මැනිං වෙළෙඳ පොළ පෑලියගොඩට ගෙනියන්නේ බස්නාහිර ප්‍රදේශයේ මහනගර සංවර්ධන සැලැස්ම යටතේය.

පෑලියගොඩ ගොඩ නැගිලි ඉදි කළ හැකි වන පිරිදි ඉඩම් සංවර්ධන කටයුතු මේ වන විට අවසන් වී තිබේ.

 



අදහස් (0)

මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට

ඉසුරන්දි Monday, 30 January 2017 06:38 AM

මමත් කැමතියි මොකක්හරි වෙනසක් වෙනවා නම්... (නි)

:       0       0

මාගලි Thursday, 09 February 2017 11:39 AM

ලොකු දෙයක් ආණ්ඩුව ගත් ඒ තීරණය. ඔය කුණු ගොඩ කොළඹින් ඉවත් කරන එක. තනිකර අපායක් එතන. වැඩි පිරිසිදු තැනකට ගෙනියන එකනම් ලොකු දෙයක්. අලුත් ආණ්ඩුවට තාම හුස්මක් ගන්නවත් කාලයක් නැහැ. සියල්ල සම්පුර්ණ කරනකම් බලා ඉන්නේ කට්ටිය. කෝ හිටිය අය මොනවද කළේ (නි)

:       0       0

සුනිල් Tuesday, 07 February 2017 11:23 AM

මේක අවුරුදු විසිපහකට කලින් කරන්න තිබුන වැඩක් (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 06 February 2017 01:33 AM

ලලිත්, ඔබ කියන ටික තේරුම් ගන්න තරම් මොළයක් තියෙන අය පාර්ලිමේන්තුවේ නැහැ. (නි)

:       0       0

ලලිත් Tuesday, 31 January 2017 03:10 PM

හිමාල් අපි කොයි තරම් හරියට වැඩ කළත් වැඩක් නැහැ අනික් අය (බලයේ ඉන්න අය) ඒකෙ ප්‍රතිඵල කාබාසිනියා කරලා දානකොට? (අ)

:       0       0

ලලිත් Tuesday, 31 January 2017 03:13 PM

හිමාල් අපි කොයි තරම් හරියට වැඩ කළත් වැඩක් නැහැ අනික් උන් (බලයේ ඉන්න උන්) ඒකෙ ප්‍රතිඵල කාබාසිනියා කරලා දානකොට? (බ)

:       0       0

ලලිත් Tuesday, 31 January 2017 03:04 PM

හිමාල් අපි කොයි තරම් හරියට වැඩ කලත් වැඩක් නැහැ අනික් අය (බලයේ ඉන්න අය) ඒකේ ප්‍රතිඵල කාබාසිනියා කරලා දානකොට?(හේ)

:       0       0

ලලිත් Tuesday, 31 January 2017 03:04 PM

බොරු වැඩක්නේ.(හේ)

:       0       0

ජගත් Tuesday, 31 January 2017 03:04 PM

කොපමණ වියදමක් යනවද?(හේ)

:       0       0

ලලිත් Wednesday, 25 January 2017 04:43 PM

ඔය මහා නගර හදන්නේ විදේශ වලින් ණයට මුදල් අරගෙන. තවම එකම එක මහාපරිමාණ අපනයන ව්‍යාපෘතියක්වත් කම්හලක්වත් අරඹා නැති ආණ්ඩුව මේ කරන්නේ ජනතාවගේ කරපිට තවත් බර පැටවීමයි. මැනිං වෙළඳපොළ එතනම තියෙද්දී රටේ ඉඩ තියෙන තැනක මොකක්හරි අපනයන භාණ්ඩ නිපදවන වැඩපිළිවෙලක් ඒ සල්ලි වලින් පටන්ගත්තොත් අඩුතරමින් තියෙන ණය බර ටිකක් හරි අඩුවෙනවා. ඉන්දියාව කළේ රටපුරා සුපර් මාකට් විදුලි දුම්රිය මාර්ග හදන්න කලින් මනා පුහුණුවක් දීලා වැඩි පඩිවලට සේවකයින් හැකිතරම් ලෝකය පුරා යැවීම. අපේ අය මුලින්ම කරන්න යන්නේ අතේ තියෙන ටිකත් වියදම් කරලා රුපියල තවත් බාල්දුවෙන වැඩ (නි)

:       0       0

ජයාත් Monday, 30 January 2017 01:38 AM

හිමාල්, සින්දුව හරියට අහලා ලියන්න. නැත්නම් ඔයත් අර ඩ්‍රීම් ස්ටාර් වල ඉන්න පරපුටුවන්ගේ ගොන්නට වැටෙනවා. ප්‍රේම් එ්ක ලිව්වේ මෙහෙම.... තමන් දන්නා දේ හරියට කරපන් කියලා කීය හඬා... (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 29 January 2017 07:52 PM

මේගොල්ලො කොහේ හැදෙන්නද? ටුවරිස්ට් සීසන් එක පටන්ගත්ත ගමන්ම ගුවන්තොටුපළ කඩලා හදන්න පටන් ගත්තා. එහෙම කරන්න හේතුව විදිහට පෙන්නුවේ මෙම කාලයට වැස්ස නොමැති බව. ඔය දැන් හොඳට වහින්නේ. ටුවරිස්ට් සීසන් එක දැන් වැටිලා තිබෙන්නේ. අඩුම තරමේ රස්තියාදුවෙන මගීන්ට සාධාරණ මිලට වතුර ටිකක්වත් ගන්න බැහැ. (නි)

:       0       0

ලලිත් Sunday, 29 January 2017 06:20 AM

මේ කවුරුවත් මැනිං මාර්කට් ගිහින් නැහැ වගේ මට පේන්නේ. පොඩි පොදයක් ගියොත් විනාශයි (නි)

:       0       0

හිමාල් Thursday, 26 January 2017 06:23 PM

අනුන් කරන දේ විවේචනය කරමින් ඉන්නවට වඩා.. තමන් දන්න දේ හරියට කරපන් කීය කණට ගසා... (නි)

:       0       0

සංජීව Thursday, 26 January 2017 07:45 AM

චන්ද වලට උදවු කරපු අයට කළගුණ සලකන්න එපැයි. ලංකාව තව අවුරුදු 50 ක් ගියත් ඔහොමම තමා.(ම)

:       0       0

සංජීව Thursday, 26 January 2017 07:45 AM

ඡන්ද වලට උදවු කරපු අයට කළගුණ සළකන්නත් එපැයි. ලංකාව තව අවුරුදු 50 ක් ගියත් ඔහොමම තමා. ලලිත් කියපු දේ හරි. ඒවා පෙනෙන්න පිටරටක වැඩකරලා අත්දැකීම් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

කසුන් Thursday, 26 January 2017 04:20 AM

ඉවසන්න! බලගතු ශ්‍රී ලංකාවට අඩිය තිබ්බා පමණි. (නි)

:       0       0

බුද්ධික Thursday, 26 January 2017 04:19 AM

ඔව් ඔව් ඉක්මනට මේ ජාතික ප්‍රශ්න විසඳලා ඉන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site