ඩිවෝල්කා සන්නාමය යටතේ විදුලි නිෂ්පාදන සහ උපාංග නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකික නිෂ්පාදකයකු සහ අපනයනකරුවකු වන මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම, අපනයන අංශයේ දායකත්වය ඇගයීම සදහා ඉකුත්දා අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් හි පැවති ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මානයේදී විශේෂ ගෞරවයට පාත්‍ර විය.
දශක තුනකට පෙර පිහිටුවන ලද සමාගමට දැන් ඉන්දියාවේ විදුලි නිෂ්පාදන කර්මාන්තශාලාවක්ද හිමිව ඇති අතර ශ්‍රී ලංකාවට නැවත විදේශ විනිමය ගෙන ඒම සඳහා මහා පරිමාණ විදුලි හා ඉලෙක්ට්‍රොනික සහ ඒ ආශ්‍රිත කාර්මික අංශයේ උත්සාහය වෙනුවෙන් කුසලතා සම්මානයක්ද පිරිනැමිණි.
I S O &C E සහතික ලත් සමාගමක් වන මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගමට හොඳම ‘වසරේ කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙඳ නාමය’ ඇතුළු සම්මානද හිමිව තිබේ. සන්නාම විශිෂ්ටතා උත්සවයේදී මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සභාපති ධම්මිකා සමරවික්‍රම මහතා සහ උප සභාපති කුමාරි සමරවික්‍රම මහත්මිය එහි ප්‍රධාන ප්‍රධාන ආරාධිතයාවූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් සම්මානය ලබා ගන්නා අයුරුයි.
අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක්ද මෙහි වෙති.
මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගමට කර්මාන්ත සම්මාන