මාර්තු මාසයේ පළමු ගනුදෙනු සතියේ දෙවැනි දිනටත් කොළඹ කොටස් හුවමාරුවෙහි දර්ශක අගයන් පහළ වැටීමක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 15,870.25ක් අගයක් ගත් අතර එය, පෙර දිනයට සාපේක්ෂව ඒකක 297.05ක එනම් සියයට -1.84ක පසු බැසීමකි.
එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකයත් ඒකක 4,748.99ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 78.22ක එනම් සියයට -1.62ක පසු බැසීමකි. ඊයේ දිනය තුළදී කොටස් 77,254,902ක් ගනුදෙනු වූ අතර, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් විය. මෙය දින හයකට පසුව වාර්තා කළ ඉහළම පිරිවැටුම ලෙසත් සැලකෙයි.
මාර්තු පළමු සතියේ දෙවැනි දිනටත් කොටස් වෙළෙඳ පොළ පහළට