IMG-LOGO

2026 නොවැම්බර් මස 24 වන අඟහරුවාදා


මුල් මාස නවයේදී සංචාරක ආදායම ඩො.මි. 2,245 යි

  • පෙර වසරට සාපේක්ෂව සියයට 9.2 ක අඩුවිමක්
  • සැප්තැම්බරයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 185.6 ක්

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සංචාරක කර්මාන්තය හරහා ලැබුණු ආදයම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,245 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ ඩොලර් මිලියන 2,248 ක ආදායම හා සැසඳීමේදී සියයට 9.2 ක අඩුවීමකි. 

මෙම මාස නවය තුළ පැමිණි සංචාරකයන් 1,693,679 ක් හරහා මෙම ආදායම හිමිව තිබේ. පසුගිය වසරේ මුල් මාස නවය තුළදී සංචාරකයන් 1,725,494ක් පැමිණි අතර, මේ වසරේදී එය සියයට 1.8 ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ.

සැප්තැම්බර් මාසයේදී පැමිණි සංචාරකයන් 158,557 දෙනකු හරහා හිමි වූ ඩොලර් මිලියන 185.6 ක ආදායමත් සමගින් මෙම සමස්ත ආදායම වාර්තා වී තිබේ. මෙම ආදායම 2025 සැප්තැම්බර් මාසයේදී පැමිණි සංචාරකයන් 157,971 ක් හරහා ලැබුණු ඩොලර් මිලියන 182.9ක ආදායමට සාපේක්ෂව සියයට 1.5ක වර්ධනයකි.



අදහස් (0)

මුල් මාස නවයේදී සංචාරක ආදායම ඩො.මි. 2,245 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site