IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මහ බැංකුවේ අනුමැතිය නැතිව ‘මුල්‍ය’ වචනය භාවිතය නීති විරෝධියි

මුදල් ව්‍යාපාර පනත සහ මුදල් සමාගම් පනත යටතට ඇතුළත් ආයතන හැර වෙනත් පුද්ගලයෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව ‘මුල්‍ය’ යන වචනය භාවිත කිරීම නීති විරෝධී යැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
“2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, මුදල්, මූල්‍යකරණය හෝ මූල්‍ය යන වචනය තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුණ යම් වචනයක් හෝ එහි යම් අන්වක්‍ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිත කරනු නොලැබිය යුතුය” ලෙස එම නිවේදනයේ සඳහන් වේ. 
එම ප්‍රතිපාදනය උල්ලංඝණය කරන හෝ ඊට අනුකූල වීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලයකු වරදකරුවකු වන බවත් ඒ අනුව එම නීතිමය අවශ්‍යතාව පිළිපදින ලෙස මහජනතාවට තරයේ අවවාද කරන බවත් මහ බැංකුව කියයි.



අදහස් (0)

මහ බැංකුවේ අනුමැතිය නැතිව ‘මුල්‍ය’ වචනය භාවිතය නීති විරෝධියි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site