IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


මහ බැංකුව මාර්තුවේදී ඩො.මි.401.9 ක් වෙළෙඳපොළෙන් මිලට අරන්

විමුක්ති එස්. රුද්‍රිගු

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය මාර්තු මාසයේදී මිලියන 401.9 ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇති බව එම බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම වසරේ පළමු කාර්තුවේදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගත් ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණය මිලියන 484 දක්වා ඉහළ ගියේය.

ණය ඉහළ යෑම හේතුවෙන් මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ශ්‍රී ලංකා මහ බැංකුව අවම ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් මිලදී ගැනීමෙන් පසුව පසුගිය මාර්තු මාසයේදී මෙලෙස මිලියන 401.9 ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇත.

ශ්‍රී ලංකාවට ණය සහ පොලිය ගෙවීමට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 900 ක සංචිත ගොඩනගා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අනුව මසකට මිලියන 200 ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මිලදී ගත යුතුය.

 



අදහස් (0)

මහ බැංකුව මාර්තුවේදී ඩො.මි.401.9 ක් වෙළෙඳපොළෙන් මිලට අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site