IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මහජන බැංකුවේ YES CASH CANIVAL දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් 25 දෙනා තෝරා ගැනේ

මහජන බැංකුවේ YES ඉතුරුම් ගිණුමින් හඳුන්වා දි ඇති YES CASH CANIVAL’ වැඩසටහනේ රු.100,000/- බැගින් හිමිවන ජයග්‍රාහකයන් 25 දෙනා තෝරාගැනීමේ දිනුම් ඇදීම කොළඹ 02, පිපල්ස් ටවර් හිදි පසුගියදා පැවැත්විණි.

මෙම දිනුම් ඇදිමට 2025 අගෝස්තු 12 වැනි දින සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ YES ගිණුමේ රු.50,000/-ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කර, එය 2025 දෙසැම්බර් 31 වැනි දින දක්වා පවත්වා ගෙන ගිය ගනුදෙනුකරුවන් සුදුසුකම් ලැබීය.

මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අයකිරිම්) නලින් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ඒ.යු.ඒ. අන්සාර්, සහකාර සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ඒ. ජයසිත් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාර (අභ්‍යන්තර විගණන) ආර්.එම්.ඒ. කේ. රාජගුරු යන මහත්වරුන් ඇතුඵ බැංකු නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (0)

මහජන බැංකුවේ YES CASH CANIVAL දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් 25 දෙනා තෝරා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site