මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි 2025 - බැංකුවට එන්න, බැංකොක් යන්න’ දිනුම් ඇදීමේ සතිපතා ජයග්‍රාහකයන් තෝරාගැනීමේ පළමුවැනි දිනුම් ඇදීම කොළඹ 10, මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශයේදී පසුගියදා පැවැත්විණි.
ඒ අනුව මෙහිදි 2025 ජනවාරි 01 සිට මාර්තු 04 වැනිදා දක්වා සතිපතා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නව දෙනකු තෝරාගත් අතර, ඔවුන්ට බැංකොක් සංචාර හිමිවේ.
මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ටි. එම්. ඩබ්ලිව්.චන්ද්‍රකුමාර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි (අභ්‍යන්තර විගණන) ශාන්ත ගඟබඩගේ, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) අයි.කේ ඉන්දික, සහකාර සාමාන්‍යාධිකාරි(එතෙර ගනුදෙනු සේවා) බුද්ධික රණතුංගගේ, ප්‍රධාන කළමනාකරු (තොරතුරු තාක්ෂණ) විපුල වර්ණකුල, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනි (එතෙර ගනුදෙනු සේවා) තිළිණි පෙරේරා සහ බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිනි ශ්‍රීයානි නාපාගොඩ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ඔවුන්ගේත්, ඔවුන්ගේ පවුල්වලත් ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් දිරිමත් කර ඔවුන් ඇගයීමේ අරමුණින්, ‘People’s Remittance ‘වාසි කෝටියයි 2025-බැංකුවට එන්න බැංකොක් යන්න’ දිනුම් ඇදීම මහජන බැංකුව විසින් දියත් කරන ලදි.
මේ තුළින් වසරේ සති 52කට බැංකොක් සවාරි 52ක් හිමිවේ. 2025.01.01 සිට 2025.12.31 දක්වා People’s Web Remit, People’s Instant Remit, Telexes, Swift, Western Union, Ria හෝ ඒ හා සමාන වෙනත් මාධ්‍යයන් ඔස්සේ මහජන බැංකුව වෙත විදේශ ශ්‍රමික ප්‍රේෂණ එවන ගනුදෙනුකරුවන් මේ සඳහා සුදුසුකම් ලබයි. වැඩියෙන් එවන තරමට දිනුම් අවස්ථා වැඩිවේ. මීට අමතරව ‘People’s Remittance හරහා වසර පුරාවට එතෙර සිට මහජන බැංකුව වෙත ශ්‍රමික ප්‍රේෂණ එවන ගනුදෙනුකරුවන්ට ‘දොළොස් මහේ වාසි චක්‍රයෙන් සෑම මසකම දිනුම් අවස්ථා රැසක් හිමිවේ.
මහජන බැංකුවේ වාසි කෝටියයි 2025 පළමු දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරා ගනී