ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නකු වන මහජන බැංකුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව පිළිවෙළින් සියයට 49.9 සහ සියයට 152.7 ක වර්ධනයක් පිළිබිඹු කරමින්, රුපියල් බිලියන 145.1 ක සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායමක් සහ රුපියල් බිලියන 28.8 ක බදු පසු ලාබයක් වාර්තා කිරීමට සමත් විය. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයෙන් ලැබෙන ප්‍රතිලාභයද මෙයට ඇතුළත් වූ අතර, අනෙකුත් තරඟකාරී ආයතනවලට සාපේක්ෂව මෙය සාධනිය හා මධ්‍යස්ථ අගයක් විය.
2023 අදාළ කාල සීමාව තුළ රුපියල් බිලියන 67.8 ක් වූ ඒකාබද්ධ ශුද්ධ පොලී ආදායම 2024 වසර තුළදී රුපියල් බිලියන 122.9 දක්වා ඉහළ ගිය අතර, එමඟින් වෙනස්වන වෙළෙඳපොළ පොලී අනුපාතවලට අනුකූලව වත්කම් සහ වගකීම්වල කාලානුරූපී මිල ගණන් පිළිබිඹු කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2023 වර්ෂයේදී සියයට 2.1 ක් වූ ඒකාබද්ධ ශුද්ධ පොලී සීමාව 2024 වසරේදී සියයට 3.7 දක්වා වර්ධනය විය. තවද සමාගම් සමූහය මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වාර්තා කරමින් 2024 වර්ෂය සඳහා ඒකාබද්ධ ශුද්ධ ගාස්තු සහ කොමිස් මුදල රුපියල් බිලියන 15.3 ක් වූ අතර, එය සියයට 10.5ක වර්ධනයකි. එමෙන්ම සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 75.7 (2023, රුපියල් බිලියන 62.2) විය.
සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකාර තැන්පතු ලෙස රුපියල් බිලියන 2,947.9 ක් (2023 අවසානයේ රුපියල් බිලියන 2,745.2) උපයා ගැනීමට සමත් වූ අතර, ශුද්ධ ණය රුපියල් බිලියන 1,665.0 කි. (2023 අවසානයේ, රුපියල් බිලියන 1,823.8) ඒ භාණ්ඩාගාර බැඳුම්කර මාර්ගයෙන් ස්වෛරී අනුග්‍රහය සහිත රාජ්‍ය ව්‍යවසායකට ලබා දුන් රුපියල් බිලියන 262.6 ක ණය පියවීමෙන් පසුවය. එම පියවීම හැර ශුද්ධ ණය වර්ධනය සියයට 5.7 කට ආසන්න වූ අතර, 2024 අවසානයේ මුළු ඒකාබද්ධ වත්කම් රුපියල් බිලියන 3,471.7 දක්වා වර්ධනය විය. (2023 අවසානයේ, රුපියල් බිලියන 3.208.2).
2024 දෙසැම්බර් 31 වැනි දිනට බැංකුවේ මුළු පළමු පෙළ සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත පිළිවෙළින් සියයට 10.9 ක් සහ සියයට 16.5 ක් වූ අතර, (2023 අවසානයේ සියයට 12.4% සහ සියයට 17‘4, ඒකාබද්ධ පදනම මත එය සියයට 12.6 සහ සියයට 17.7 විය (2023 අවසානයේ සියයට 13.7 සහ 18.2%) කිසිදු අවිනිශ්චිත බවක් ඇති නොවීම සඳහා මේ සියල්ල විචක්ෂණශීලීව සලකා බලා විශේෂයෙන්ම ස්වෛරී පිටුබලය සහිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු සියලු විචක්ෂණශීලී අඩු කිරීම් ද සැලකිල්ලට ගැනීමෙන් පසුවය. මීට අමතරව, 2024 සිව්වන කාර්තුව තුළ සිදු කරන ලද රුපියල් බිලියන 13.5ක Basel III අනුකූලතා මට්ටම් 2 ණය නිකුත් කිරීම ඔස්සේ බැංකුවේ වගකීම් දැරීමේ හැකියාව වර්ධනය කරන ලදී.
මහජන බැංකුවේ සහ සමූහයේ ප්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. ‘‘බැංකුව 2024 වසරේ දී ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ගත්තේ රටේ තුළ පැවති දිගුකාලීන සාර්ව ආර්ථික දුෂ්කරතාවලින් පැන නැගි බොහෝ අභියෝග ජයගනිමිනි. ආයතනයේ අභ්‍යන්තර අභියෝග බොහොමයක් දැනටමත් හඳුනාගෙන විසඳුම් ලබා දී ඇති නිසාවෙන්, අපි අනාගතය දෙස සුබවාදීව සහ නව අරමුණක්න් යුතුව බලා සිටින්නෙමු. ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාවර ලාභදායිත්වයක් පවත්වා ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය දරන උත්සාහයට සහය වීම අපගේ මූලික අරමුණයි.
අවසාන වශයෙන්, අපගේ දැක්ම වන්නේ ගනුදෙනුකාර සේවා, නවෝත්පාදන සහ ජාතික ආර්ථික සංවර්ධනය සඳහා කැපවෙමින් බැංකු සහ මූල්‍ය සේවා අංශයේ ප්‍රමුඛතම ස්ථානයකට පත්වීමයි. එමෙන්ම සමූපකාර සමිති, ගනුදෙනුකරුවන්, සේවකයින් සහ සියලුම පාර්ශ්වකරුවන් ඇතුළු අපගේ කොටස්කරුවන්ට, ඔවුන් අප කෙරෙහි ස්ථිරසාර සහයෝගය සහ විශ්වාසය වෙනුවෙන් මගේ ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී, ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ ප්‍රකාශ කළේය. ‘‘අනපේක්ෂිත අභියෝග මධ්‍යයේ අප කණ්ඩායම නැවත වරක් අසාමාන්‍ය ඔරොත්තු දීමේ හැකියාව, අනුවර්තනය වීමේ හැකියාව සහ විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම පිළිබඳව ආදර්ශයක් සපයා ඇත. අප ලබා ගත් ප්‍රතිඵල ආයතනයේ ඉතිහාසය තුළ වාර්තා කළ ඉහළම ප්‍රතිඵල පමණක් නොව, එම ගමන් මඟ තුළදී අප මුහුණ දුන් බොහෝ බාධක මධ්‍යයේ වුවද අර්ථවත් ප්‍රගතියක් ලබාගැනීමට අපට ඇති හැකියාව පිළිබඳ සාක්ෂියක් ද වේ. මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ගනුදෙනුකාර අත්දැකීම් ඉහළ නැංවීම මෙන්ම තාක්ෂණය සහ කුසලතා යන දෙඅංශයෙහිම උපායමාර්ගික ආයෝජන සිදුකිරීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අපි තිරසාර, දිගුකාලීන වර්ධනයක් සඳහා සාර්ථක අඩිතාලමක් දමා ඇත. මෙම ප්‍රයත්නවලින් අපගේ පදනම ශක්තිමත් කර ඇති අතර, අඛණ්ඩව වර්ධනය වන වෙළෙදපොළ තත්වයට ඉක්මනින් අනුවර්තනය වීමට, අපගේ සේවා වඩාත් යහපත් කිරීමට සහ අපගේ ගනුදෙනුකරුවන්ට සහ පාර්ශ්වකරුවන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීමට අපට හැකියාව ලැබී ඇත.
අපි 2025 සහ ඉන් ඉදිරියට අවධානය යොමුකරන විට, අපි අපගේ උපායමාර්ගික ප්‍රමුඛතා කෙරෙහි ස්ථිරසාර අවධානය යොමු කරමු. අභියෝග පැමිණීම වැළැක්විය නොහැකි අතර, විශේෂයෙන් යථා තත්වයට පත්වෙමින් පවතින සාර්ව ආර්ථික පරිසරයක් තුළ, ඔරොත්තු දීමේ හැකියාව සහ නිරවද්‍යතාවයෙන් ඒවා හැසිරවීමට අපට ඇති හැකියාව පිළිබඳව අප තරයේ විශ්වාස කරමු. අපගේ සාමූහික ශක්තීන් සහ අත්දැකීම් උපයෝගී කර ගැනීමෙන්, මුහුණදීමට සිදුවන අභියෝගයන් අවස්ථාවන් බවට පත් කිරීම සඳහා අපි හොඳින් සූදානම් වි සිටිමු.
මහජන බැංකුවට රු.බි. 400 ක ඒකාබද්ධ දළ ආදායමක්
pakeer Saturday, 08 March 2025 05:17 PM
රුපියල් බිලියන 10000ක් ලාභ ලැබුවත් වැඩක් නැහැ. අපේම සල්ලි හූරන් කාලා. බැංකුවේ අය සැප විඳලා. පුළුවන් නම් විදේශ විනිමය උපයන වැඩක් කරන්න. නුඹලාට වඩා වටිනවා... දළු නෙලන ගැහැණු ටිකයි. ඇඳුම් මහන ගෑණු ටිකයි.. අරාබියේ ගෙවල් වල වැඩකරන ගෑණු ටිකයි.