IMG-LOGO

2026 ඔක්තෝබර් මස 11 වන ඉරිදා


මහරාජා ෆුඩ්ස් හිමිකම් නිකුතුවට CSE අනුමැතිය

මහරාජා ෆුඩ්ස් පීඑල්සී සමාගම සිදු කිරීමට යෝජනා කර ඇති හිමිකම් නිකුතුව සඳහා කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතිය හිමිවූ බව පවසයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා වන අතිවිශේෂ මහා සභා රැස්වීම ලබන ජනවාරි 30 වැනිදා පැවැත්වෙයි.  මෙම හිමිකම් නිකුතුව යටතේ දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 10ක් සඳහාම අලු‍තින් එක් කොටසක් නිකුත් කෙරේ. මෙම හිමිකම් නිකුතුව සඳහා වන ගෙවීම් භාර ගැනීමේ අවසන් දිනය පෙබරවාරි 27 වැනිදා ලෙස සටහන්ව තිබේ.

 



අදහස් (0)

මහරාජා ෆුඩ්ස් හිමිකම් නිකුතුවට CSE අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site