IMG-LOGO

2026 නොවැම්බර් මස 24 වන අඟහරුවාදා


රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර පනත් කෙටුම්පතක්

නිමල කොඩිතුවක්කු 


රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. 

රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර සඳහා වන ජාතික නියෝජිතායතනය පිහිටුවීම සහ ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම හා ඊට පහසුකම් සැලැස්වීම සඳහා නෛතික ප්‍රතිපාදන සලසමින් නව පනතක් හඳුන්වා දීම පිණිස 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර, නීතිපති විසින් එකී පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් නෛතික නිෂ්කාශනය ලබා දී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය දෙන ලදී.



අදහස් (0)

රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර පනත් කෙටුම්පතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site