IMG-LOGO

2025 ජනවාරි මස 12 වන ඉරිදා


රන් පවුමක මිල සියයට 20 කින් ඉහළට



(ශිරාන් රණසිංහ ) 

රන් මත රජය පනවා ඇති  බද්ද  හා රුපියල අවප්‍රමාණ වීම නිසා රන් පවුමක මිල 20% කින් පමණ වැඩි වී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පේෂල ජයරත්න මහතා පැවසීය.

ඒ අනුව රන් බිස්කට්  ඒකක ගැනුම් මිල රුපියල් රුපියල් 50,500 ක් පමණ වන අතර විකුණුම් මිල රුපියල් 55,600 ක් දක්වා වැඩි වී ඇතැයිද සඳහන් කළේය.

රන් මත 15% ක බද්දක්  රජය පසුගියදා පැනවු අතර රුපියල අවප්‍රමාණ වීමත් සමඟ එහි මිල ගණන් වලට මෙලෙස බලපා ඇත.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රටවල් කිහිපයකට මුදල් ඒකක අව ප්‍රමාණ වු අතර ඒ නිසා ලෝකයේ රටවල් කිහිපයකම රන් මිල ගණන් ඉහළ ගොස් ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.



අදහස් (1)

රන් පවුමක මිල සියයට 20 කින් ඉහළට

irfan Thursday, 27 September 2018 05:16 AM

රන් බිස්කට් එකක ගැනුම් මිල කියන එක වැරදියි. රන් පව්මක හෝ ග්රෑම් ප්‍රමාණයෙන් සදහන් කරන්න. රන් අවුන්සයක බිස්කට් වගේම අව්න්ස දහයේ බිස්කට් වෙනකම් තියෙනවා.

:       1       43

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site