IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


රසායනික නිෂ්පාදනවලට වෙන් වූ කාර්මික කලාපයක්

ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ඇති ඛනිජ සම්පත්වල අගය එකතු කිරීම වැඩිදියුණු කිරීමට සහ දේශීය නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය කාර්මික යෙදවුම් සැපයීමේ අරමුණින්, අම්ල සහ ක්ෂාර ඇතුළු රසායනික නිෂ්පාදන සඳහා වෙන් වූ කාර්මික කලාපයක් පරන්තන් හි පිහිටුවීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

 කන්කසන්තුරේ, මාන්කුලම්, ඉරණවිල, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල සහ ගාල්ල යන ප්‍රදේශවල ආරම්භ කර අඩාල වී ඇති කාර්මික කලාප, කාර්මික උද්‍යාන (echno park) සංවර්ධනය කරන බවත් මේ සඳහා, රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

ලංකාවේ කර්මාන්ත අංශය, රටෙහි ආර්ථිකයේ ප්‍රධාන වශයෙන් රැකියා අවස්ථා සැපයීම, ආදායම් වැඩි කිරීම, නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම සහ අපනයන ප්‍රවර්ධනය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

 



අදහස් (0)

රසායනික නිෂ්පාදනවලට වෙන් වූ කාර්මික කලාපයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site