IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ලෝක තෙල් මිල ඉහළ යෑමක් ගැන සල්මාන් කුමරුගෙන් ‍අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තර ප්‍රජාව ඉරානයට එරෙහිව කටයුතු නොකරන්නේ නම් ලෝක තෙල් මිල ඉහළ යා හැකි බව සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසයි.

ඉරානයට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම මගින් ලෝක යුද්ධයකට මග පෑදෙන බවද, ඒ ඔස්සේ ලෝක ආර්ථිකය විනාශය කරා යනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

පසුගියදා සෞදි ආරාබියේ තෙල් පරිශ්‍රවලට ඩ්‍රෝන යානා මගින් ප්‍රහාරයක් එල්ල වුණි. එම ප්‍රහාරයේ වගකීම හවුති සටන්කාමීන් විසින් භාරගනු ලැබීය.

කෙසේ වෙතත් මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇති පරිදි ප්‍රහාරය සඳහා ඉරානයේ යුද අවි භාවිතා කර ඇතැයිද බව සෞදි ආරාබිය ප්‍රකාශ කළේය.
 
-226-
 
(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

ලෝක තෙල් මිල ඉහළ යෑමක් ගැන සල්මාන් කුමරුගෙන් ‍අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site