ශ්‍රී ලංකාව, ලෝක ළමා දිනය සමරන මේ අවස්ථාවේදී, දරුවන් තුළ ඉතිරිකිරීමේ පුරුද්ද, වගකීම සහ මූල්‍ය සැලසුම්කරණය පිළිබඳ මූලික අවබෝධයක් ගොඩනැගීම සඳහා දෙමාපියන්, භාරකරුවන් සහ මූල්‍ය ආයතන සතු එම කාර්යභාරයේ වැදගත්කම ලංකා බැංකුව අවධාරණය කරයි.
දරුවන්ගේ අධ්‍යාපනය සහ අනාගත අවශ්‍යතා සඳහා මූල්‍ය පදනමක් ගොඩනැගීමේ අරමුණින් ලංකා බැංකුව විසින් හඳුන්වා දී ඇති ප්‍රධානතම ළමා ඉතුරුම් විසඳුම වන්නේ රන් කැකුළු ළමා ඉතුරුම් ගිණුමයි. දෙමාපියන්ට සහ භාරකරුවන්ට දරුවකු වෙනුවෙන් කාලයත් සමඟ ඉතිරිකිරීම් ගොඩනැගීමට මෙම ගිණුම අවස්ථාව සලසන අතර, දරුවන්ම ඉතිරිකිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ කිරීම මගින් කුඩා වියේ සිටම ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනය කිරීමේ වැදගත්කමද ලංකා බැංකුව අවධාරණය කරයි.
සාම්ප්‍රදායික ඉතුරුම් ප්රතිලාභවලින් ඔබ්බට ගිය ප්රතිලාභ රැසක්ද රන් කැකුළු ගිණුම සමඟ ලබාදෙයි. අදාළ නියමයන් හා කොන්දේසිවලට යටත්ව, භාරකරුවන් සඳහා රුපියල් මිලියනය දක්වා රක්ෂණ ආවරණයක්, ඊට අමතරව 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ දක්ෂතා දක්වන සිසුන් 2,000 දෙනෙකු සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 30ක ශිෂ්‍යත්ව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන සිසුන් 10,000 කට අාසන්න ප්‍රමාණයක් සඳහා අමතර ත්‍යාග සහ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා අමතර ශිෂ්‍යත්ව ද ඒ අතර වේ.
“ළමා දිනය යනු අද අපගේ දරුවන්ට ලබාදිය හැක්කේ කුමක්ද යන්න ගැන පමණක් නොව, හෙට දිනට ඔවුන් කොතරම් සූදානම් කරන්නේද යන්න පිළිබඳවත් සිතා බැලිය යුතු අවස්ථාවක්. ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනය කිරීම, තම අනාගත අපේක්ෂා වෙනුවෙන් ක්‍රමානුකූලව ඉතිරි කිරීම සහ වගකීම් සහගත තීරණ ගැනීම වැනි පාඩම් ඔවුන්ගේ ජීවිතය පුරාම වැදගත් වේ.
රන් කැකුළු, හරිත කැකුළු, දියවර කැකුළු සහ PFC Minor වැනි, දරුවන් සඳහා වූ අපගේ ඉතුරුම් විසඳුම් හරහා එම මූල්‍ය පදනම ගොඩනැගීමට දරුවන්ට සහ දෙමාපියන්ට සහාය වීම ලංකා බැංකුවේ අරමුණයි” යනුවෙන් ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු / සංවර්ධන හා ශාඛා බැංකුකරණ ප්‍රධානී භද්‍ර කල්යාණප්රිය ගුරුසිංහ මහතා පැවසීය.
සෑම දරුවකුටම යම් දිනෙක මුදල් සම්බන්ධ තීරණ ගැනීමට සිදුවේ. පළමු වරට දරුවන්ට ලැබෙන මුදල කළමනාකරණය කිරීමේ සිට අනාගත අරමුණු වෙනුවෙන් නිසි ලෙස භාවිතා කිරීම සහ මූල්‍ය තීරණ ගැනීම ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත්වෙයි. එවැනි තීරණ සඳහා දරුවන් සූදානම් කිරීම කුඩා වියේ සිටම ආරම්භ කළ හැකි බව ලංකා බැංකුව පෙන්වා දෙයි.
මුදලේ වටිනාකම අවබෝධ කරගැනීම, වගකීමෙන් කටයුතු කිරීම සහ තමන් සපුරා ගැනීමට බලාපොරොත්තු වන අරමුණු සඳහා සැලසුම් කිරීම වැනි සරල පුරුදු දරුවකුගේ අනාගත මූල්‍ය ජීවිතයට වටිනා පදනමක් සලසයි.
දරුවන් නව යොවුන් වියට පිවිසීමත් සමඟ ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සහ සිතුම් පැතුම් ද වෙනස් වේ.
එම අවධිය සඳහා BOC 14 Plus ඉතුරුම් ගිණුම හඳුන්වා දී ඇති අතර, උසස් අධ්‍යාපනය, රැකියාව සහ තම මූල්‍ය කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවධියට පිවිසෙන තරුණ තරුණියන් සඳහා BOC 18+ Youth Savings ගිණුම පහසුකම් සලසයි.
රන් කැකුළු ගිණුමේ සිට 14 Plus සහ 18+ දක්වා වූ මෙම අඛණ්ඩ ඉතුරුම් ගමන් මඟ, දරුවකු වැඩිවියට පත්වන විට වෙනස් වන මූල්‍ය අවශ්‍යතා පිළිබිඹු කරයි. ආරම්භයේදී දෙමාපියන්ගේ මඟපෙන්වීම යටතේ සිදුවන ඉතිරිකිරීම්, කාලයත් සමඟ අධ්‍යාපනය, පෞද්ගලික අරමුණු හෝ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම වැනි කටයුතු වෙනුවෙන් ස්වාධීනව මුදල් වෙන් කිරීමේ පුරුද්දක් බවට වර්ධනය විය හැකිය.
එබැවින් ලංකා බැංකුවට අනුව ලෝක ළමා දිනය යනු ළමා විය සැමරීමකට පමණක් සීමා නොවී, දරුවන් වැඩිහිටියන් බවට පත්වන විට ඔවුන් සමඟ ගෙන යන දැනුම, පුරුදු සහ අවස්ථා පිළිබඳවද අවධානය යොමු කළ යුතු අවස්ථාවකි.
ඉතුරුම් ගිණුමක් පමණක් මගින් දරුවකුට මුදල් පිළිබඳ සියලු දේ ඉගැන්විය නොහැකි වුවද, දරුවන් ඉතිරිකිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ කිරීම, තම ඉතිරිකිරීම් වර්ධනය වන ආකාරය දැකීමට අවස්ථාව ලබාදීම සහ මුදල් වෙන් කරන්නේ කුමන අරමුණක් වෙනුවෙන්ද යන්න ඔවුන්ට පැහැදිලි කිරීම, මූල්‍ය අවබෝධය ගොඩනැගීම සඳහා ප්‍රායෝගික ආරම්භයක් විය හැකිය.
තම දරුවන්ගේ දීප්තිමත් අනාගතය වෙනුවෙන් පළමු පියවර තැබීමට BOC Smart රන් කැකුළු ගිණුම සමඟ එක්වන ලෙස ලංකා බැංකුව සියලු දෙමාපියන් සහ භාරකරුවන්ට ආරාධනා කරයි.
විශ්වාසනීය, ස්ථාවර සහ දිගුකාලීන බැංකු සහකරුවකු ලෙස ලංකා බැංකුව සමඟ දරුවකු වෙනුවෙන් අද ආරම්භ කරන ඉතිරිකිරීම, ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපනය, සිහින සහ අනාගතය වෙනුවෙන් කරන දිගුකාලීන ආයෝජනයක් වන බවට නොඅනුමානය.
ලංකා බැංකුව ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන්ගේ අනාගත මූල්‍ය සූදානම කෙරෙහි ඇපකැප වෙයි