IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක්

විමුක්ති එස් රුද්‍රිගු


ග්‍රාමීය සංවර්ධනය, අධ්‍යාපනය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර මුල්කරගත් මෙරට ප්‍රධාන ව්‍යාපෘති තුනක් සඳහා ඉදිරි මාස තුනක කාලයේදී  ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මූල්‍ය සහායක් ලබා දීමට ලෝක බැංකුව සැලසුම් කර තිබෙන බවත් එම සහාය ඉහත ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුවේ සහාය නැවත අවධාරණය කෙරෙන බවත් ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(22) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සිදුකළ දෙදින නිල සංචාරය ලෝක බැංකුවේ දකුණු ආසියාවේ උප සභාපති මාර්ටින් රේසර් මහතා ඊයේ(22) අවසන් කළ බවත් ඔහුගේ නිල සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ආයෝජකයන් සහ සංවර්ධන හවුල්කරුවන් මුණ ගැසුණු බවත් ලෝක බැංකුව නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමටත්, දිගු කාලීන ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමටත්, රට ගෙන යන ප්‍රයත්නය පිළිබඳව සාකච්ඡා කිරීම එම හමුවල අරමුණ වූ බවත් එම නිවේදනයේ සඳහන් වේ. දරිද්‍රතාව අවම කිරීමට රජයේ කැපවීම, ඩිජිටල් සංවර්ධනය සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳව එම සාකච්ඡා වලදී අවධානය යොමුවී ඇති බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.



අදහස් (0)

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site