IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ලංකා වෙළෙඳ භාණ්ඩ ඉරාකයටත්

ඉරාක විදේශ අමාත්‍යංශයේ ද්විපාර්ශික සබඳතා ලේකම් නසාර් කෙරල්ලා හා ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් නාකන්දල බැග්ඩෑඩ් නුවර දී දෙරට අතර ද්විපර්ශික සබඳතා ප්‍රවර්ධන රැස්වීමකට සහභාගී වූහ.

ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා ඉරාකයේ ස්ථිර වෙළෙඳ පොළක් ඇති කිරීමටත් දෙරට අතර සෘජු ගුවන් ගමන් ඇති කිරීමටත් දෙපර්ශ්වයම එකඟ වූ බව ඉරාක ප්‍රවෘත්ති සේවය කියයි.

 

 



අදහස් (0)

ලංකා වෙළෙඳ භාණ්ඩ ඉරාකයටත්

බහනු Thursday, 20 March 2014 11:25 PM

එක නම් බොහොම සුබ ආරංචියක්...ඉරාක වල ඉන්න අපට කෙලින්ම ලංකාවට එන්න පුළුවන්නේ ,අපේ රටේ නිෂ්පාදිත දේවල් මෙහෙ තියනවා මම දැකල තියනවා , අපේ රටේ වෙළද භාණ්ඩ වලට හොද මිලක් ලබාගන්නත් පුළුවන් වේවි. මොකද මෙහෙ ගොඩක් දුරට ගනු දෙනු කරන්නේ ඇමරිකානු ඩොලර් වලින් .ඒ නිසා මම හිතනවා මේක නම් හොද අදහසක් කියල ..(අ)

:       0       0

නුවන් Sunday, 23 March 2014 08:07 AM

අරාබි රටවල් එක්ක ගනුදෙනු කරන්න යනකොට හොද හිත පෙන්නන්න. මෙහෙ ඉන්න අරාබියෙන් ආපු සහෝදරයන්ට ඕන ඕන විදිහට නටන්න දෙන එක මෝඩ කමක්.(නදී)

:       0       0

සුමන Friday, 28 March 2014 08:22 AM

සුමිත් නාකන්දල හොඳ තානාපතිවරයෙකි. ඔහුට යමක් කළ හැකිය.ඉරාකයේ ඉස්සර අපට හොඳ වෙළඳපොළක් තිබුණා.ඔය රටවල් අපි හොයාගෙන යන්න ඕනෑ. (නි)

:       0       0

ඉම්රාන් Monday, 31 March 2014 01:24 AM

නුවන්, ඕනෑවට වඩා ඔලුව ලොකු කර ගන්න එපා. කවුද නටන්නේ කවුද රඟපාන්නේ කියන එක සිහි බුද්ධිය තිබෙන මිනිස්සු දන්නවා. අද වැඩියෙන්ම විදේශ විනිමය එන්නේ අරාබියෙන් මිසක් බුරුමයෙන් නෙමෙයි. ජීනීවා නුවර මෙවරත් ලංකාවට පක්ෂව ඡන්ද දුන් රටවල් අතරින් මුස්ලිම් රටවල් පහක් තිබෙනවා. ලෝකයේ කිසි කෙනෙකුට වෙනත් රටක් සමඟ සම්බන්ධකම් නොපවත්වා ජීවත් විය නොහැකියි. අද ගොඩක් දුරට අප රට කෙසේ හෝ ගමන් කරන්නේ අරාබියෙන් එන විදේශ විනිමය නිසයි. ලාංකික හැඟීමක් ඇතුව ජීවත් වෙන්න කවුරු කවුරුත් වගබලා ගත යුතුයි. මමත් අවුරුදු 20 ක්ම මැද පෙරදිග ඉඳගෙන ලංකාවට විදේශ විනිමය අරන් එන පුද්ගලයෙක්. (නි)

:       0       0

මහී Wednesday, 02 April 2014 12:47 PM

ඉතා හොඳ වැඩක්. (ස)

:       0       0

ටබිත Monday, 07 April 2014 11:01 AM

අපේ සමහර අය හිතන්නේ සිංහල නොවන අනෙක් කවුරුත් රට ගැන හිතන් නැහැ කියල ද? (ස)

:       0       0

මධූ Thursday, 10 April 2014 04:46 AM

ඉස්සර ඉරාකයේ අපට හොඳ වෙළඳපොළක් තිබුණු බව හැමෝම දන්නා කාරණයක්. (නි)

:       0       0

සුලාරි Thursday, 10 April 2014 05:16 AM

හොඳ සැළසුමක් ඇතුව වැඩ කළොත් අපේ රටේ වෙළඳ භාණ්ඩ වලට හොඳ මිලක් ලබාගන්නත් පුළුවන් වේවි. (නි)

:       0       0

අනුරුද්ධ Thursday, 10 April 2014 06:32 PM

සුමිත් නාකන්දලට සුභ පැතුම්! (නි)

:       0       0

සේකර Friday, 11 April 2014 07:50 PM

මමත් ඉම්රාන් වගේම මැද පෙරදිග ඉඳගෙන ලංකාවට විදේශ විනිමය අරන් එන පුද්ගලයෙක් තමයි (නි)

:       0       0

මානෙල් Saturday, 19 April 2014 04:36 AM

හොඳ වැඩක්.(නදී)

:       0       0

ජයතිස්ස Tuesday, 22 April 2014 09:29 PM

ඉරාක් රටේ අය අපේ තේ වලට හරි ආසයි . එසේම ඉරාක රැකියාවලින් ඉහල මුදලක් ලබාගන්න පුළුවන්. ඉරාකයේ යන්නේ පිරිමි විතරක් නිසා පවුල් ප්‍රශ්නත් අඩුයි. එමනිසා අපේ තානාපති තුමා මැදිහත් වෙලා ලංකාවේ අයට පහසුවෙන් ඉරාක් විසා ලබාගන්න පහසුකම් සලසා ගත්තොත් ජාතික වශයෙන් ඉතාම යහපත් දෙයක් වේවි. බංගලාදේශයෙන් හා ඉන්දියාවෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව එරටවල අයට ඉතා පහසුවෙන් ඉරාක විස ලබාගන්න පුළුවන්. අපිට ඉරාක රැකියා විසා ලබාගන්න එතරම් පහසු නැහැ. කරුණාකර මෙය විදේශ අමාත්‍යංශයට යොමුකරන්න. ස්තුති (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site