කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ලෝක සංචාරක දිනය නිමිත්තෙන් රුහුණු සංචාරක කාර්යාංශය සංවිධානය කරනු ලබන ලෝක සංචාරක දින සැමරුම් උත්සවයක් එම කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතාගේ සම්බන්ධීකරණයෙන් සංචාරක අමාතය විජිත හේරත් මහතාගේ පධානත්වයෙන් අද (5) පෙරවරුවේදී ගාල්ල නගර සභා ශාලාවේදී පැවැත්වේ.
දකුණු පළාතේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමේ අරමුණින් දකුණු පළාත් සංචාරක සමාජ නිල වශයෙන් පිහිටුවීම, ලෝක සංචාරක දිනය නිමිත්තෙන් පාසල් සිසුන් අතර පැවති තරගාවලිවල ජයග්‍රාහක සිසුන්ට ත්‍යාග ලබාදීම මීට සමගාමීව පැවැත්වෙන බව රුහුණු සංචාරක කාර්යාංශය කියයි.
තවද ඉදිරියේදී දකුණු පළාතේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමේ නවමු වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීමද මෙදින සිදු කෙරෙන බවද රුහුණු සංචාරක කාර්යාංශය කියයි.
මේ අවස්ථාවට නියෝජය අමාත්‍යවරුන් වන ගාලු දිසා පර්ලිමේන්තු මන්ත්‍රී නලීන් හේවගේ,රත්න ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වෙති.
ලෝක සංචාරක දින සැමරුම් උත්සවයක් අද ගාල්ලේ