IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ලාංකිකයන්ට පහසු වාහන ණය පහසුකම් ලබා දීමට Hayleys Mobility HDFC බැංකුව අත්වැල් බැඳගනී

වාහන මූල්‍යකරණය සඳහා වූ හවුල්කාරිත්වය ශක්තිමත් කරමින්, Hayleys Mobility Limited සහ HDFC බැංකුව නිල වශයෙන් අවබෝධතා ගිවිසුමක් (MoU)  අත්සන් කළ අවස්ථාව.


Hayleys Fentons Limited  හි මොබිලිටි අංශය වනHayleys Mobility Limited  ආයතනය, තම පාරිභෝගිකයන්ට මගී, වාණිජ සහ මෝටර් බයිසිකල් (Two-wheeler) ඇතුළු රථ වාහන සඳහා පහසු මූල්‍ය විසඳුම් ලබා දීමේ අරමුණින්  HDFC බැංකුව සමග අවබෝධතා ගිවිසුමකට (MoU) එළැඹුණි.

Hayleys Mobility විසින් මෙරටට හඳුන්වා දෙන OMODA සහ JAECOO, KAIYI, SRM, CFMOTO සහ King Long යන වාහන සන්නාම සඳහාම විශේෂිත වූ මූල්‍ය විසඳුම් ක්‍රම (Financing packages) හඳුන්වා දීමෙන්, පාරිභෝගිකයන්ට වාහන හිමිකාරීත්වය ලබා ගැනීම වඩාත් පහසු කිරීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධාන අරමුණයි.

මෙම ගිවිසුම යටතේ,HDFC බැංකුවේ පවතින ණය ප්‍රතිපත්ති සහ කොන්දේසිවලට යටත්ව, සුදුසුකම් ලබන පාරිභෝගිකයන්ට නම්‍යශීලී ගෙවීම් කාලසීමාවන්, විශේෂ ලීසිං පහසුකම් ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් HDFC  බැංකුවේ සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී හේමාල් සී.ලොකුගීගන මහතා මෙසේ පැවසීය. ‘‘Hayleys Mobility සමග එළැඹි මෙම හවුල්කාරීත්වයෙන් ලාංකිකයන්ගේ වෙනස්වන මූල්‍ය අවශ්‍යතා සහ අපේක්ෂා ඉටු කිරීමටHDFC  බැංකුවේ ඇති කැපවීම මනාව පිළිඹිඹු වෙනවා. විවිධ වාහන මාදිලි රැසක් වෙනුවෙන් නම්‍යශීලී මූල්‍ය විසඳුම් හඳුන්වා දීමෙන්, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික සහ ව්‍යාපාරික අවශ්‍යතාවලට ගැළපෙන හොඳම ප්‍රවාහන විසඳුම විශ්වාසයෙන් යුතුව තෝරා ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසීම අපගේ අරමුණයි. 

එමෙන්ම, කාබන් විමෝචනය අවම කිරීම සහ පොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් HDFC  බැංකුව ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙනවා. එම කැපවීමට අනුව, හරිත අනාගතයක් උදෙසා දායක වන විද්‍යුත් (EV), හයිබ්‍රිඩ් (Hybrid) සහ අනෙකුත් ඉන්ධන කාර්යක්ෂම ලෙස භාවිත කරන රථ වාහන වෙත යොමු වන ලෙස අපි පාරිභෝගිකයන් දිරිමත් කරනවා. Hayleys Mobility  සමග ඇති කරගත් මෙම සහයෝගීතාව නවීන ප්‍රවාහන විසඳුම් ලබා දීමට පමණක් නොව, පාරිසරික සුරක්ෂිතතාව සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කෙරෙන ජාතික කාර්යභාරයටද ශක්තියක් වන කාලෝචිත මෙන්ම උපායමාර්ගික පියවරක් ලෙස අපි දකිනවා.”‍

Hayleys Fentons Limited හි කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක මහතා මෙම සුවිශේෂී හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “Hayleys Mobility Limitedහි මවු සමාගම ලෙස, විද්‍යුත් වාහන, නවීන ආරෝපණ යටිතල පහසුකම්, වෘත්තීයමය සවිකිරීම් සහ විශ්වාසනීය පසු-අලෙවි සේවා ඇතුළත් පරිපූර්ණ EV පරිසර පද්ධතියක් ලංකාව තුළ නිර්මාණය කිරීමටHayleys Fentons  සමත්ව සිටිනවා. HDFC බැංකුව සමග ඇති කරගත් මෙම හවුල්කාරීත්වයෙන්, එම පරිසර පද්ධතිය තවත් ශක්තිමත් කරමින් දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට වාහන හිමිකාරීත්වය ලබා ගැනීම මූල්‍යමය වශයෙන් වඩාත් පහසු කරවනවා.”‍



අදහස් (0)

ලාංකිකයන්ට පහසු වාහන ණය පහසුකම් ලබා දීමට Hayleys Mobility HDFC බැංකුව අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site