දෙණියාය විශේෂ එස් ඩී කොඩිකාර
“ළඟම තැපෑලෙන් ලංකා බැංකුවට” යන තේමාව යටතේ ලංකා බැංකුව හා තෑපැල් දෙපාර්තමේන්තුව එක්ව ගනු දෙනු කරුවන්ගේ පහසුව වෙනුවෙන් BOC connect දිවයින පුරා තැපැල්, උප තැපැල් කාර්යාලවලට හඳුන්වා දීමේ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ පළමු වැඩසටහන ලංකාගම උප තැපැල් කාර්යාලයේ දී පසුගියදා ආරම්භ කෙරුණි.
ලංකා බැංකු ගිණුම් වලට මුදල් තැන්පතු කිරීම, මුදල් ආපසු ගැනීම, ගිණුමකින් ගිණුමට මුදල් හුවමාරු කිරීම, ණය වාරික ගෙවීම, බිල්පත් ගෙවීම යන ආදි සේවා මෙහිදී සිදු කර ගත හැකි බව දෙණියාය ලංකා බැංකු ශාඛාවේ කළමනාකරු සලීල හංසජිත් මහතා පැවසීය.
මේ අවස්ථාවට ලංකා බැංකුව දකුණු පළාත් සහකාර මහා කළමනාකාරිණී මනෝසිකා හේරත්, ප්‍රාදේශීය කළමනාකාරිණී කාංචනා චතුරානි දෙනියාය ලංකා බැංකු ශාඛාවේ කළමනාකරු සලීල හංසජිත්, දකුණු පළාත් නියෝජ්‍ය තැපැල්පති රවින්ද්‍ර ගුණරත්න, ප්‍රාදේශීය තැපැල් අධිකාරී මාතර එච්.එච්. වසන්ත. දෙනියාය තැපැල්කාර්යාලයේ ස්ථානාධිපති පී.එස්.ආර්.ලියනගේ, ලංකාගම උප තැපැල් ස්ථානාධිපති ඩබ්ලිව්.ජී. උදයංගනී යන මහත්ම මහත්මීන් ඇතුළු ගනුදෙනුගනුකරුවෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.
දකුණු පළාත් සහකාර මහා කළමනාකාරීණී මනෝසිකා හේරත් මහත්මිය ලංකාගම උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති ඩබ්ලිව්.ජී.උදයංගනී මහත්මියහට connect යන්ත්‍රය භාර දෙන අයුරු.
ලංකාගම උප තැපැල් කාර්යාලයේ දී BOC connect ඇරැඹී