IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


‘ලංකාපුත්‍ර‘ බැංකු බලපත්‍රය අහෝසියි

(බිඟුන් මේනක ගමගේ )

බැංකු ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් වෙත ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඞ් හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඒකාබද්ධ කිරීම නිසා මෙම පියවර ගෙන ඇති අතර එවිට ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඞ්හි සියලුම වත්කම් හා වගකීම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් අත්පත් කරගැනෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

2016 රජයේ අයවැය මගින් කළ යෝජනාවක් අනුව මෙම ඒකාබද්ධ කිරීම සිදුකර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊට අනුමැතිය ලබා දී ඇත.

 ඒ අනුව මින් අනතුරුව ලංකාපුත්‍ර  ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඞ් මගින් කරගෙන ගිය සියලු බැංකු ව්‍යාපාර කටයුතු ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් කරගෙන යන්නේ යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

 



අදහස් (0)

‘ලංකාපුත්‍ර‘ බැංකු බලපත්‍රය අහෝසියි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site