×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
ලංකාවේ එක් පවුලක වියදම රුපියල් 7,490 කින් අඩු වෙලා
කතෘ මණ්ඩලය 2025 පෙබරවාරි මස 17
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
ආහාර සහ මද්‍යසාර
නොවන පාන
වර්ගවල මිල
රුපියල් 1545 කින් සහ
ප්‍රවාහන ගාස්තු
රු. 926කින් අඩු වෙලා
විමුක්ති එස් රුද්‍රිගු
උද්ධමනය පහළ ගියත් බඩු මිල පහළ ගොස් නොමැති බවට බොහෝ දෙනා ප්‍රකාශ කරනු අසන්නට ලැබෙන නමුත් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ එක් පවුලක වියදම සමස්තයක් ලෙස රුපියල් 7490 කින් අඩු වී තිබෙන බවත් අවධමනය යන්නෙන් අදහස් කරන්නේ එය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්‌යේෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ලසිත පත්බේරිය මහතා ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසය වන විට උද්ධමනය මනිනු ලබන ඇතැම් කාණ්ඩවල මිල පහළ යනවිට ඇතැම් කාණ්ඩවල මිල ඉහළ ගොස් තිබෙන බව පත්බේරිය මහතා පැවැසුවේය. මිල ඉහළ ගිය කාණ්ඩවල භාණ්ඩ වැඩිපුර භාවිත කරන පවුල්වලට තවමත් උද්ධමනය වැඩි යැයි දැනෙන බවත් උද්ධමනය යනු පොදු මිනුම් දණ්ඩක් බවත් පත්බේරිය මහතා ප්‍රකාශ කළේය.
ජීවන වියදමට සහනයක් ලැබී තිබෙන බවට ජනතාවට නොදැනීමට කරුණු කීපයක් හේතුවිය හැකි බවද ඔහු පැවැසුවේය. 2022 වසරේදී භාණ්ඩ මිල විශාල වශයෙන් ඉහළ යෑම එක හේතුවක් විය හැකි බවත් අදායම් මට්ටම වර්තමාන ජීවන වියදමට ගැළපී නොතිබීම තවත් එක් හේතුවක් විය හැකි බවත් පත්බේරිය මහතා ප්‍රකාශ කළේය.
හාල්, පොල් මිල පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසය වනවිට ඉහළ ගොස් තිබෙන බවත් හාල්, පොල් යනු දිනපතා පරිභෝජනයට ගන්නා භාණ්ඩයක් බැවින් එය ජනතාවට වැඩි වශයෙන් දැනෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන වල මිල පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසය වනවිට රුපියල් 6,794 කින් අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. ආහාර සහ මද්‍යසාර නොවන පාන වර්ග වල මිල රුපියල් 1545 කින් සහ ප්‍රවාහන ගාස්තු රුපියල් රුපියල් 926 කින් ඉහත කාලයේදී අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය.
අදහස් (0)
ලංකාවේ එක් පවුලක වියදම රුපියල් 7,490 කින් අඩු වෙලා
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
ලංකාවේ එක් පවුලක වියදම රුපියල් 7,490 කින් අඩු වෙලා