ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු නව බලශක්ති වාහන (NEV) ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන BYD ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD පාරිභෝගික වාහන පෙළ බෙදාහැරීම ඊයේ (27) ආරම්භ කළේය.
BYD මෙරට බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන John Keells CG Auto (JKCG Auto) BYD හි නව බලශක්ති වාහන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට හඳුන්වා දීමේ සමාරම්භය සනිටුහන් කරමින් විශේෂ උත්සවයකදී පළමු රථ නිල වශයෙන් පාරිභෝගිකයන්ට භාර දුන් අවස්ථාව ඡායාරූපවල දැක්වේ.
මේ වන විට ලංකාවට ආනයනය කරන ලද පළමු BYD වාහන තොගයට BYD SEALION 6, BYD ATTO 3, BYD DOLPHIN ඇතුළු තවත් රථ වාහන මාදිලි කිහිපයක් ඇතුළත් විය.
ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD රථ පාරිභෝගිකයන්ට