IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ලංකාවට ඔපෙක් ණයක්

තෙල් අපනයනය තිරීෙමී ඔපෙක් සංවිධානයේ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ අරමුදල ඩොලර් ලක්ෂ 400 ක (රුපියල් කෝටි 520) ණය මුදලක් ශ‍්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයට ලබා  දීමට යයි. ඔපෙක් සංවිධානයේ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ අරමුදලේ අධ්‍යක්ෂක සුලෙයිමන් අල් හර්බිෂ් හා මහා භාණ්ඩාගාර ලේකම් පී.බී ජයසුන්දර මහත්වරු මේ සදහා වන ගිවිසුමට පසුගියදා අත්සන් කළහ. ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සිදුවන ආකාරය පිළිබදව තමා පැහැදීමට පත්ව ඇති බවද සුලෙයිමන් අල් හර්බිෂ් මහතා කීය.



අදහස් (0)

ලංකාවට ඔපෙක් ණයක්

තරංග Friday, 19 October 2012 03:13 AM

අයියෝ සල්ලි නය නම් එපා

:       0       0

ෂිරාශ් Sunday, 18 November 2012 04:45 PM

සුභ අනාගතයක්! (නි)

:       0       0

මෝරාල Saturday, 17 November 2012 04:24 PM

ඊළග පාරත් එහෙනම් කට්ටිය ඡන්දය දෙන්නකෝ. (නි)

:       0       0

සරත් Tuesday, 13 November 2012 10:49 PM

නය නම් එපා

:       0       0

සරත් Tuesday, 13 November 2012 10:39 PM

ණය ගෙවන ණය ගන්න‍‍ මේ පාලකයොනේ මේ සංවර්ධනය ගැන කතාකරන්නේ..(ස)

:       0       0

අජිත් Tuesday, 13 November 2012 02:42 PM

කට අරින අරින කෙනා කියන්නේ රට සංවර්ධනය වෙලා කියලා... මොන බොරුවක්ද ?? එහෙනම් ඇයි ණය ගන්නේ (ස)

:       0       0

ප්‍රසන්න Monday, 12 November 2012 03:50 PM

ලඟදිම කට්ටිය පන්සල්වල, දේවාලවල තියෙන පින් පෙට්ටිවලිනුත් ණය ඉල්ලාවි මෙහෙම ගියොත් (ස)

:       0       0

කමල් Monday, 12 November 2012 10:51 AM

කන්න වගෙයි යන්නේ තවත් ඇමක්. (නි)

:       0       0

රාජා Sunday, 04 November 2012 03:29 PM

පළමුවත් ණය! දෙවනුවත් ණය!! තෙවනුවත් ණය!!! (නි)

:       0       0

දිසා Saturday, 03 November 2012 07:40 AM

මෙන්න නවතම ව්‍යාපාරය ණය නැගුම... හෙට අනිද්දාම ශ්‍රේෂ්ඨාධිකරණයට... එහෙමත් බැරිඋනොත් පාර්ලිමේන්තුවට..!(නු)

:       0       0

නසීර් Thursday, 01 November 2012 05:42 PM

නය එපා

:       0       0

මාලිංග Tuesday, 30 October 2012 10:57 PM

ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ

:       0       0

දිසා Sunday, 28 October 2012 08:45 AM

දැන් මේ ඔක්කොම එකතු කළහම අපිට පුලුවන් ලෝකයටම ණය දෙන්න. (නි)

:       0       0

හේරත් Friday, 26 October 2012 05:36 PM

මා ආදර ප්‍රේමාදර බින්දුමතී...බින්දුවලට අගයක් නෑ බින්දුමතී (ස)

:       0       0

ක්‍රිෂාන් Friday, 26 October 2012 02:40 PM

අනේ මේ ණය ගැනිල්ල කවදා නතර වේවිද ?? (ස)

:       0       0

ලලිත් Monday, 22 October 2012 01:28 AM

ඔපෙක් ණයෙන් කොතෙක් යොදවයිද? (නි)

:       0       0

කුෂාන් Thursday, 11 October 2012 11:43 AM

අපි ගෙවමු...........(ස)

:       0       0

ලමාක් Tuesday, 16 October 2012 04:13 PM

යකෝ තෙල් ණය , තෙල් ප්‍රවර්දනය සඳහා යොදවන්න එපාය මේ මාර්ග සංවර්දනය කියන්නේ සල්ලි කන බහිරවයෙක් නේ. සුසිලෝ මේක ගැන මොකද කියන්නේ ???? (ස)

:       0       0

අප්පු Monday, 15 October 2012 08:11 PM

වරුණට මොලයක් ඇත්තෙම නෑ වගේ (ස)

:       0       0

ප්‍රනාන්දු Monday, 15 October 2012 04:27 PM

ලොකු පොලියක් ගෙවන්න වෙයි. ඔයවයේ වන්දි ගෙවන්න වෙන්නේ අපේ අනාගත පරපුරට තමා එක මට දුක. (අ)

:       0       0

චානක Monday, 15 October 2012 02:07 PM

අයියෝ සල්ලි

:       0       0

රමනි Sunday, 14 October 2012 01:36 PM

තවත් අභියෝගයක්! (නි)

:       0       0

බමුණුසිංහ Saturday, 13 October 2012 07:37 PM

සුලෙයිමන්, 10% ගැන දන්නේ නැතුව ඇති මගේ හිතේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 13 October 2012 01:37 PM

අනේ ඕකෙන් කෝටි භාගයක් මට දෙනවද ? ලබන ආත්මේ ගෙවන්නම් (ස)

:       0       0

සිල්වා Friday, 12 October 2012 01:41 PM

ණය එපා මේ හොදයි

:       0       0

බණ්ඩාර Friday, 12 October 2012 12:06 PM

අපේ ළමයිනුත් ණයයි

:       0       0

චානක Friday, 12 October 2012 08:15 AM

ණය ගනිමු ! අපි හැදෙමු ! (ස)

:       0       0

ගමගේ Thursday, 11 October 2012 08:26 PM

ඔවු ඉතිං. ඕවා ගන්නවා විතරයිනේ. (නි)

:       0       0

ලලිත් Thursday, 11 October 2012 03:36 PM

මේක මහා පුදුම වැඩක්නේ. දෙන තරමක් ණය දෙන්නෙම පාරවල් හදන්න විතරනේ. දැන් කී රටකින් පාරවල් හදන්න ණය ලැබුනද? ඔව් ඉතින් මිනිස්සු මහපාරට වැටෙන කොට පරවල්වත් තියෙන්න එපාය නිදාගන්න.(ස)

:       0       0

සිල්වා Thursday, 11 October 2012 01:07 PM

දෙනවා කිව්වානම් ඉක්මනටම ගන්න , බලන්න තව ණය දෙන්නේ කොහෙද කියලා (ස)

:       0       0

වරුණ Thursday, 11 October 2012 12:21 PM

ණයට ගමු අපි ගෙවමු අලුත් ව්‍යාපෘතියක්..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site