IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ලසන්ත වික්‍රමසිංහ හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ලියනගේ ලසන්ත වික්‍රමසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 
ඒ අනුව ජනවාරි 17 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ. වික්‍රමසිංහ මහතා සතුව වසර 35කට අධික කාලයක වෘත්තීමය පළපුරුද්දක් සහිත බව සමාගම පවසයි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සහ ශ්‍රී ලංකා ගණකාධිකාරි තාක්ෂණවේදීන්ගේ සංගමයේ සාමාජිකයකුද වන ඒ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ හිටපු සභාපතිවරයෙක්ද වෙයි.
මීට පෙර ඒ මහතා කොමර්ෂල් ක්‍රඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙසත්, මස්කෙලිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සීහි ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කර ඇත. එසේම ඔහු ‘‘අපි වෙනුවෙන් අපි’’ අරමුදලේ කළමනාකරණ මණ්ඩලයේද සාමාජිකයෙකි. 



අදහස් (0)

ලසන්ත වික්‍රමසිංහ හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site