IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


විදු උයනක් එයි

විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් වූ පහසුකම් සහිත ”විද්‍යා උද්‍යානයක්” ආරම්භ කිරීමට විද්‍යා හා උසස් තාක්ෂණ අමාත්‍යංශය සැළසුම් කර ඇත. හෝමාගම, පිටිපන අක්කර පනහක භූමියක් පුරා මෙම උද්‍යානය අදියර හතරකින් අවසාන කිරීමට නියමිතය. පළමු අදියරයේදී ”නැනෝ” තාක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටැවේ. පුස්තකාල හා විද්‍යාගාර පහසුකම් ඇති මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 83ක් පමණ රජයෙන් වෙන්කැරෙයි. දෙවැනි, තෙවැනි හා සිව්වැනි අදියරවලදී පිළිවෙළින් ඉහළ තලයේ පර්යේෂණ සඳහා වන පහසුකම් උසස් තාක්ෂණ කර්මාන්ත සඳහා පහසුකම් ඇති කිරීමටත් විද්‍යාඥයන් හා පර්යේෂකයන්ට වෙන් වූ නිවාස සංකීර්ණයක් ඉදිකිරීමටත් සැලසුම් කර ඇත.



අදහස් (0)

විදු උයනක් එයි

ජිල්බු Monday, 09 July 2012 07:49 PM

මේක රටේ හොදට කරන දෙයක්

:       0       0

සිසිර Thursday, 05 July 2012 01:53 PM

කොහෙන්ද සල්ලි..ණයක්ද ??තෑග්ගක්ද ???

:       0       0

අශාන් Wednesday, 04 July 2012 06:18 PM

මමනම් ඉන්නේ ඔතෙන්ට පයින් යන්න තරම් දුරින්.අපේ ගමේ ඉන්න අයටත් රස්සාවක්වත් ලැබුනොත් හොදයි

:       0       0

දුමින්ද Wednesday, 11 July 2012 09:30 AM

හොඳ දෙයක් .පාසල්වල විද්‍යාගාර දියුණු කල යුතුයි ,දානපතියන්ගෙන් උදව්ගනිමු ??

:       0       0

ටී.එන් Monday, 02 July 2012 12:01 PM

හොද දෙයක්..

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 10 July 2012 12:57 PM

පාසල් විද්‍යාගාරවල ගොඩක් අඩුපාඩු තියෙනවා . ඉස්සෙල්ලම ඒවා විසඳගෙන හිටියොත් තමයි හොඳ !!.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site