IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


විදේශ ණය පනත පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට අනුමැතිය

නිමල කොඩිතුවක්කු

විදේශ ණය පනත සහ එහි පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (26) කොළඹදී පැවසීය.
2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත මඟින් විදේශ ණය ගැනීම් කළමනාකරණය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි ආවරණය වන බැවින්, 1957 අංක 29 දරන විදේශීය ණය පනත සහ එම පනතට කරන ලද සියලු‍ සංශෝධන අවලංගු කළ යුතුව ඇතැයි රජය පවසයි.

ඒ සඳහා 2024-12-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය එකඟතාව ලබා දී තිබේ. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද විදේශීය ණය (අහෝසි කිරීම) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇත.

ඒ අනුව, එකී පළාත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 



අදහස් (0)

විදේශ ණය පනත පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site