×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
විදෙස් සංචිතය ඩොලර් මිලියන 305 කින් ඉහළට
කතෘ මණ්ඩලය 2026 සැප්තැම්බර් මස 14
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
ලි මාසයට සාපේක්ෂව
සියයට 4.6 ක ඉහළයාමක්
අගෝස්තු මාසය අවසන් වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදෙස් මුදල් සංචිතය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,905ක් ලෙස සටහන්ව තිබේ. මෙය ජූලි අවසානයේදී පැවැති ඩොලර් මිලියන 6,600 ක විදෙස් මුදල් සංචිතය හා සැසඳීමේදී ඩොලර් මිලියන 305 ක එනම් සියයට 4.6 ක ඉහළ යාමකි.
මහ බැංකුව නිකුත් කළ ආසන්නතම සතිපතා ආර්ථික විවරණය තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. ඒ අනුව මෙම විදෙස් මුදල් සංචිතය තුළ චීන මහජන බැංකුව (PBOC) විසින් ලබාදී ඇති ඩොලර් මිලියන 1,400 ක විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළත් බව මහ බැංකුව පවසයි.
අගෝස්තු මාසයේදී සටහන් වූ මෙම විදෙස් මුදල් සංචිතය තුළ ඩොලර් මිලියන 6,690 ක විදෙස් මුදල් සංචිතයක්ද, IMF සමගින් පවත්වාගෙන යන ඩොලර් මිලියන 4ක සංචිත මට්ටමක්ද, ඩොලර් මිලියන 1 ක විශේෂිත ගැනුම් හිමිකමක් (SDR) ක් සහ ඩොලර් මිලියන 210 ක් වටිනා රත්රන් සංචිතයක්ද වන බව මහ බැංකුව පවසයි.
ජූලි මාසය අවසානයේදී මෙම විදෙස් මුදල් සංචිතය ඩොලර් මිලියන 6,368ක් ලෙසත්, විශේෂිත ගැනුම් හිමිකම (SDR) ඩොලර් මිලියන 37ක් ලෙසත් සටහන් ව තිබුණි. එසේම රත්රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 192 ක් විය. IMF සංචිත මට්ටම ඩොලර් මිලියන 4ක් ලෙසින්ම පැවතුණි.
අදහස් (0)
විදෙස් සංචිතය ඩොලර් මිලියන 305 කින් ඉහළට
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
විදෙස් සංචිතය ඩොලර් මිලියන 305 කින් ඉහළට