IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


වියට්නාම් - ලංකා වෙළඳාමෙන් 2020 වනවිට ඩොලර් බිලියනයක ඉපැයීමක්


 
 
(අංජුල මහික වීරරත්න)
 
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්වි පාර්ශවික වෙළඳාමෙන් 2020 වනවිට ඩොලර් බිලියනයක් ඉපැයීම සඳහා සැලසුම් සකස් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ වියට්නාම් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෆාම් බින් මින් මහත්වරුන් අද (27) පැවැත් වූ සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.


ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සම්ප්‍රදායික සබඳතා පුළුල් කරමින් ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමටත් මෙහිදී තීරණයකට එළඹ තිබේ.
 
වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව වියට්නාම විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති හමුවකදී මෙම තීරණවලට එළඹි  බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.



අදහස් (0)

වියට්නාම් - ලංකා වෙළඳාමෙන් 2020 වනවිට ඩොලර් බිලියනයක ඉපැයීමක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site