IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2025 අයවැය ප්‍රකාශයෙන් පසු, එල්එම්ඩී-පෙපර්කියුබ් ව්‍යාපාර විශ්වාස දර්ශකය (බීසීඅයි) පෙන්වා දී ඇත්තේ, පෙබරවාරි මාසයේ වාර්තාගත ඉහළම අගය වූ 204, ලකුණු 7 කින් පහළ ගිය බවත්, මාර්තු මාසයේදී එය 197 දක්වා පහළ වැටුණු බවත්ය.
එසේ පහළ වැටීමක් පෙන්නුම් කළත්, දර්ශකය එහි ඓතිහාසික මධ්‍යස්ථ අගය (123) ට වඩා ලකුණු 74 ක් ඉහළින් පවතින අතර, මාස 12 ක සාමාන්‍යය වන 138 ට වඩා ලකුණු 59 ක් ඉහළින් පවතී.
පෙපර්කියුබ් උපදේශකයන් සඳහන් කරන්නේ, බීසීඅයි හි සුළු පහත වැටීමක් තිබියදීත්, ව්‍යාපාරික ප්‍රජාව ශුභවාදීව සිටින බවයි. එයට හේතුව රජයේ මංගල අයවැයයි.
එය පැහැදිලි කරන්නේ, දර්ශකය ”‍ආර්ථික ස්ථායීකරණය සහ මෙහෙයුම් අභියෝග අතර සමතුලිතතාව සහ දිගු කාලීන ආයෝජන අවිනිශ්චිතතා සමග ව්‍යාපාර කටයුතු කරන ඒකාබද්ධතා කාල පරිච්ඡේදයක් සනිටුහන් කළ බවය.
”‍අයවැයෙන් පසු පසුගිය මාසයේ අප අනුමාන කළ පරිදි, දර්ශකය එහි සියලු‍ කාලීන ඉහළම අගය ඉක්මවා ගියේ නැත. මැතිවරණ සමයේ පොරොන්දු සහ අපේක්ෂා තිබියදීත්, අයවැය සුළු සහනයක් ලබා දුන් බැවින් ව්‍යාපාරිකයන් තවමත් පරෙස්සම් සහගතව සිටිති.”‍ යැයි එල්එම්ඩී ප්‍රකාශකයෙක් පවසයි.

 



අදහස් (0)

ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site