වතුපිටිවල මූලික රෝහලේ කාය චිකිත්සක අංශයේ හා දන්ත ශල්‍ය වෛද්‍ය ඒකකයේ පවතින අඩුපාඩු කිහිපයක් සම්පූර්ණ කිරීමට පී.ඇල්.සී.බයිරා සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී ඇම්.අයි.වාහිඩ් මහතා රුපියල් 2,50,000 මුදලක් එහි සංවර්ධන පදනමේ සභාපති අත්තනගල්ල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියන්ට එම රෝහලේදී පරිත්‍යාග කළේය.
රෝහල් වෛද්‍ය අධිකාරී අජිත් විජේසුන්දර හා පී.ඇල්.සී සමූහ ව්‍යාපාරයේ කළමනාකරු ඇස්.පී.කුමාරදාස යන මහත්වරුද එම අවස්ථාවට එක්වූහ.
ව්‍යාපාරිකයාගෙන් වතුපිටිවල රෝහලට ලක්ෂ දෙකහමාරක්
ලක්මාල් Thursday, 05 November 2015 03:14 PM
මොනතරම් උතුම් ක්‍රියාවක්ද? (නි)
ලියොන් ගුණවර්ධන Thursday, 05 November 2015 03:17 PM
අපේ ඇතැම් දේශපාලඥයින් විවිධ මාර්ග මඟින් උපයනු ලබන තම ධනය විදෙස්ගත කරන මෙවන් කාලයකදී මෙවැනි සත්ක්‍රියා කරන දානපතින්ට මුළු ජාතියේම ප්‍රණාමය පිදිය යුතුය (නි)
අමල් Tuesday, 10 November 2015 12:15 PM
හොද කටයුත්තක්. අගය කල යුතුයි. (ර)
කුමාර පෙරේරා Monday, 02 November 2015 10:18 AM
අත්තනගලු නාහිමියන් මේ වනවිට උන්වහන්සේගේ මුලිකත්වයෙන්ම පමණක් රුපියල් කෝටි 10 කට වඩා වියදම් කොට වතුපිටිවල රෝහලට පහසුකම් ලබා දී තියෙනවා. පළාතේ පාසල් වලට ලබාදී ඇති ගොඩනැගිලි ප්‍රමාණයම කෝටි 20 කට වඩා වටිනවා. වාහිඩ් මහත්මාගේ පිංකම අගෙයි. (ස)
කුමාර පෙරේරා Monday, 02 November 2015 10:21 AM
අත්තනගලු නාහිමියන් මේ වනවිට උන්වහන්සේගේ මුලිකත්වයෙන්ම පමණක් රුපියල් කෝටි 10 කට වඩා වියදම් කොට වතුපිටිවල රෝහලට පහසුකම් ලබා දී තියෙනවා. පළාතේ පාසල් වලට ලබාදී ඇති ගොඩනැගිලි ප්‍රමාණයම කෝටි 20 කට වඩා වටිනවා. වාහිඩ් මහත්මාගේ පිංකම අගෙයි. (බ)
ලියොන් ගුනවර්ධන Thursday, 05 November 2015 03:45 PM
මවැනි දාන පතින් මුළු රටටම ආදර්ශයකි (රේ)
අජිත් කරුණාරත්න Friday, 13 November 2015 02:55 AM
මේ වගේ සද්ක්‍රියාවන් අපි අගය කළයුතුයි. එතුමාගේ ව්‍යාපාර තවත් දියුණුවේවා! එතුමාට නීරෝගී සැප ලැබේවා! දීර්ඝායු වේවා! (නි)