IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


විරාන් ඩි සොයිසා නවලෝක ජ්‍යෙෂ්ඨ ස්වාධින අධ්‍යක්ෂක ධුරයට

භානුක අමරසිංහ 


නවලෝක හොස්පිටල්ස් පීඑල්සී සමාගමේ නව ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයා ලෙස විරාන් ඩි සොයිසා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජනවාරි 31 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයා ලෙස පත් කරගෙන තිබේ. 

මෙතෙක් කලක් එම ධුරය දැරූ දේශබන්දු තිලක් ඩි සොයිසා මහතා එම ධුරයෙන් විශ්‍රාම යෑමෙන් හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබේ. ඒ මහතා වයස අවුරුදු 70 සම්පූර්ණ වීමත් සමගින්ම එම ධුරයෙන් විශ්‍රාම ගොස් තිබේ. 

විරාන් ඩි සොයිසා මහතා 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී නවලෝක හොස්පිටල්ස් පීඑල්සී සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කෙරිණි. 

විරාන් ඩි සොයිසා මහතා වර්තමානයේදී සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝසියේෂන්හි සභාපතිවරයා ලෙස කටයුතු කරයි. එසේම ඒ මහතා ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්) සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කරයි. විරාන් ඩි සොයිසා මහතා සතුව මෝටර් රථ, නිෂ්පාදන, ආගන්තුක සත්කාර/ සංචාරක සහ අලෙවිකරණය පිළිබඳව අත්දැකීම් සහිත බවත් සඳහන් වෙයි.



අදහස් (0)

විරාන් ඩි සොයිසා නවලෝක ජ්‍යෙෂ්ඨ ස්වාධින අධ්‍යක්ෂක ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site