විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඔවුන්ගේ ධන ඉපැයුම ලක්ෂ පහළව දක්වා ප්‍රමාණයට 15% ක වාර්ෂික පොළියක් රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු වලින් ලබා දීමටත් ඔවුන්ගේ වයස් ප්‍රමාණය අවු 60 සිට අවු 55 දක්වා අඩු කිරීමටත් මුදල් අමාත්‍යංශය මහා භාණ්ඩාගාරයට උපදෙසස් දී ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨයන්ට ලක්ෂ 15 ට 15% ක්
පුෂ්පා Wednesday, 27 April 2016 11:04 AM
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විතරද? එතකොට ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බඩු ගන්නේ වෙන කඩේකින්ද? (හේ)
වෙදගේ Wednesday, 04 May 2016 06:15 AM
මට නම් 15%ක් ලැබුනා (නි)
සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 04 May 2016 01:37 AM
ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ විශ‍්‍රාම දිවියට ඇති එකම පිටුවහල වන්නේ තමන් රැකියාව කරන කාලයේදී ඉතා අසීරුවෙන් ඉතිරි කරගන්නට හැකිවූ සොච්චම් මුදලක් හෝ අර්ථසාධක අරමුදලේ එකතු වී ඇති ඉතිරි කිරීම් සහ සේවා නියුක්‌ති අරමුදලෙන් ලැබෙන මුදලක් පමණි. එම මුදල බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ස්‌ථාවර තැන්පතුවක් කොට ලැබෙන පොලිය තම ජීවිතයේ ඕනෑඑපාකම් පිරිමසා ගැනීමට හෝ වියපත් වනවිට සීග‍්‍රයෙන් වැඩිවන රෝගාබාධ වලට ප‍්‍රතිකාර ගැනීමටත් යොදාගන්නවා මිසක, එය හිතේ හැටියට වියදම් කිරීමට නොවන බව අපි දනිමු. (නි)
වීරසිංහ Sunday, 01 May 2016 11:08 AM
ඔය මුදල ඉන්න අයට මදි. අපි විශ්‍රාම ගියාට අපෙන් යැපෙන අය පවුලේ තව ඉන්නවා (නි)
මංගල වේලාරත්න Sunday, 01 May 2016 12:04 AM
අවුරුදු 60 සිට 55ට පහළට අරගෙන ලක්ෂ 15ට 15%ක් පොලිය ගෙවන එක ඉතාම හොඳයි. තැන්පත් මුදලට ආපසු ගෙවන පදනම මත ණයක් දීමටත් කටයතු කරනවා නම් හොඳයි. හිතන්න ලක්ෂ 1ක්වත් නැති අය ලංකාවේ ඉන්න බව. ඒ නිසා කිසිදු අාදායමක් නැති අසරණ වැඩිහිටියන් සඳහා රුපියල් 3000ක්වත් දෙන්න (නි)
ටෙරන්ස් Sunday, 01 May 2016 12:05 AM
මේ රජයෙන් ගත් ඉතාමත් හොඳ තීරණයක් මේක (නි)
සකුනි Friday, 29 April 2016 09:30 AM
ඇයි විශ්‍රාමික ජේ්‍යෂ්ඨ විතරක්? මෙය සියලුම ජේයෂ්ඨ පුරවැසියන්ට ලබා දිය යුතුයි. (ර)
බමුණු Thursday, 28 April 2016 08:50 AM
ධම්ම ඔයා ඔයටික කියන්න ඕනේ නැත. අපි ඒක දන්නවා වගේම දැනටත් බුක්ති විඳිනවා ලක්ස 10 කට. දැන් බලාගෙන ඉන්නේ තව 5 දාල 15 කර ගන්න. (ර)
චානක Thursday, 28 April 2016 03:46 AM
අනේ පුතේ අපිට ඕව ඕනේ නැහැ (බ)
සේනක Wednesday, 27 April 2016 02:52 PM
මේ වගේ ප්‍රවෘත්තිවලට වැඩිය කලබල නොවිය යුතුයි. නිවැරදි බව 100% ම තහවුරු වුනාට පස්සේ ඕනිනම් නම් බැරිය ස්තුති කරන්න (බ)
ගමගේ Wednesday, 27 April 2016 12:55 PM
මේ කියන්නෙ බොරු මේ වසරේ මේ විදියට තුන් පාරක් පත්තරවල දැම්මා. බැංකුවට ගියාම කියනවා එයාලට මහ බැංකුව උපදෙස් දීල නැතිලු.(බ)
නේජා Wednesday, 27 April 2016 12:11 PM
ඇත්තටම ගොඩක් හොඳ යෝජනාවක් .(බ)
ආකාෂ් Tuesday, 26 April 2016 08:07 AM
ඔය කියන විදියට කරයිද?(හේ)
පුෂ්පා Wednesday, 27 April 2016 11:04 AM
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විතරද? එතකොට ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බඩු ගන්නේ වෙන කඩේකින්ද (බ)
ජූඩ් Wednesday, 27 April 2016 08:17 AM
දැම්ම ඕකේ සිංහලෙන්ම කියල තියනවා නේද වාර්ෂික කියල (කෞ)
ජූඩ් Wednesday, 27 April 2016 08:18 AM
දැන්ම ඕකේ සිංහලෙන්ම කියල තියනවා නේද වාර්ෂික කියල (කෞ)
ගමගේ නවරත්න Wednesday, 27 April 2016 02:01 AM
විශ්‍රාමිකයින් සඳහා ඉතා හොඳ යොජනාවක්. කවුරු කළත් ඊට ප්‍රශංසාව හා ස්තුතිය පුදකළ යුතුයි (නි)
සම්පත් ද සිල්වා Tuesday, 26 April 2016 05:27 PM
අම්මටයි තාත්තටයි දෙන්නට 15 ගානේ දාලා නොමිනේෂන් මගේ නම දාන්න පුළුවන්ද? දැන් රජයෙන් පොලියෙන් 2.5ක් කපාගන්නවා නේද ? (බ)
සමන්ති Tuesday, 26 April 2016 01:48 PM
ධම්ම, බැංකුවල පොලිය අවුරුද්දටයි මාසේටයි එකම වෙන්නේ නැහැ (හේ)
සමන්ති Tuesday, 26 April 2016 01:48 PM
දම්ම, බැංකුවල පොලිය අවුරුද්දටයි මාසේටයි එකම වෙන්නේ නැහැ (බ)
ඇසළ Tuesday, 26 April 2016 01:25 PM
මේවට තමයි කැරට් අලේ කරත්තෙට ගැට ගහපු බුරුවගේ ඉස්සරහින් එල්ලනවා වගේ කියන්නේ. කිසිම දවසක ඒ කැරට් අලේ කන්න ඒකට වාසනාව නැහැ. (බ)
ඇසළ Tuesday, 26 April 2016 01:26 PM
මේවට තමයි කැරට් අලේ කරත්තෙට ගැට ගහපු බුරුවගේ ඉස්සරහින් එල්ලනවා වගේ කියන්නේ. කිසිම දවසක ඒ කැරට් අලේ කන්න ඒකට වාසනාව නැහැ. (බ)
ධම්ම Tuesday, 26 April 2016 08:08 AM
15%යි කිව්වාට මාසිකව පොලිය අතට ගන්නාවිට දෙන්නේ 14.06%යි. ඒ කතාවත් මේ එක්කම කියන්න. එවිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බැංකුවට යාමට මත්තෙන් හිත හදාගනීවී. (හේ)
මාධවී Tuesday, 26 April 2016 08:07 AM
වැඩේනම් හොදයි.(හේ)