IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


විෂන් කෙයා සමාගමේ නවතම ශාඛාවක් අම්බලන්ගොඩදී

 


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


විෂන් කෙයා ඔප්ටිකල් පෞද්ගලික සමාගමේ නවතම ශාඛාවක් අම්බලන්ගොඩ නගර සභා සභාපති අසේල ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ නගර මධ්‍යයේදී විවෘත කෙරිණ.

අම්බලන්ගොඩ මෙඩිහෙල්ප් පෞද්ගලික රෝහල් පරිශ්‍රයේ මේ නව විෂන් කෙයා අක්ෂි මධ්‍යස්ථාන ශාඛාව විවෘත කිරීම විශේෂත්වයකි. මෙසේ විවෘත කෙරුණේ මේ අම්බලන්ගොඩ නගරයේ ස්ථාපිත කෙරුණු විෂන් කෙයා ඔප්ටිකල් පෞද්ගලික සමාගමේ දෙවැනි ශාඛාවය.

මේ අවස්ථාවට අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හසන්ති නිරෝෂනී, සුමනදාස සමූහ ව්‍යාපාරයේ අධිපතිනි දීපා හැළඹගේ, විෂන් කෙයා ඔප්ටිකල් පෞද්ගලික සමාගමේ සභාපති දසන්ත ෆොන්සේකා, සාමාන්‍යාධිකාරී දසිත් ෆොන්සේකා,කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා,අධ්‍යක්ෂිකා කුමාරී ෆොන්සේකා, අම්බලන්ගොඩ මෙඩිහෙල්ප් පෞද්ගලික රෝහලේ කළමනාකරු ක්‍රිෂාන්ත සාගර ජයසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 



අදහස් (0)

විෂන් කෙයා සමාගමේ නවතම ශාඛාවක් අම්බලන්ගොඩදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site