IMG-LOGO

2026 නොවැම්බර් මස 20 වන සිකුරාදා


ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ පාසල් පිරියත සමාරම්භක උත්සවය කරන්දෙණියේදී සාර්ථකව

 


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී.ජේ. විජේසිංහ


ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 2007 වසරේ සිට වාර්ෂිකව සිදු කරනු ලබන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් පාසල් පිරියත වැඩසටහනේ ජාතික උත්සවයේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති වරලත් ගණකාධිකාරී නුසිත් කුමාරතුංග, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සමීර ධර්මසේන යන මහත්වරුන්ගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ  කරන්දෙණිය ඌරගස්මංහන්දිය, යටගල ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී ජගත් වෙල්ගම, කලාප ප්‍රධානී සහකාර සාමාන්‍යාධිකාරී දුමින්ද පීරිස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති  එම වැඩසටහනේදී ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ඉදිකරනු ලැබූ නාම පුවරුව විවෘත කිරීම සිදු කෙරිණ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කිරීමට යෝජිත ළමා උද්‍යානය ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් නිරීක්ෂණය කිරීමද මීට සමගාමීව සිදු කෙරිණ.

එහිදී ශ්‍රී ලංකා ජාතික රක්ෂණ සංස්ථාව මගින් සංවිධානය කර පැවති පාසල් පිරියත වැඩසටහනට සහභාගීවූ පාසල් සිසුන්ට, මවුපියන්ට සහ ගුරුවරුන්ට ත්‍යාග ලබාදීමද සිදු කෙරිණ.

මේ අවස්ථාවට ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ විදුහල්පතිනි ඊ.විජයතිලක, ශ්‍රී ලංකා ඉෂුවරන්ස් ලයිෆ් ශාඛා කළමනාකරු අසිත සම්පත් යන මහත්ම මහත්මීන්, ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ සිසුන්,මවුපියන් සහ ගුරුවරුන් ඇතුළුව විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

 



අදහස් (0)

ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ පාසල් පිරියත සමාරම්භක උත්සවය කරන්දෙණියේදී සාර්ථකව

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site