IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුමට ඒකාබද්ධ කමිටුවක්

(බිඟුන් මේනක ගමගේ) 

ශ්‍රී ලංකා සිංගප්පූරු ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මකවීමට ආරම්භ වනවිට එම ගිවිසුම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සඳහා දෙරටේ නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පිහිටුවන බව  සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශයේ උපදේශක හා සිංගප්පූරු ගිවිසුමේ සාකච්ඡා කණ්ඩායම් ප්‍රධානී කේ.ජී වීරසිංහ මහතා පැවැසීය.

ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත මෙම කමිටුවට අමාත්‍යංශ ලේකම් හෝ අධ්‍යක්ෂ ජනරාල් යන ධූරවලට සමාන තනතුරුවල පිහිටන්නන් අයත් වන බව ද ඔහු සඳහන් කළේය.

ගිවිසුම ක්‍රියාත්මක වීම ආරම්භ වී වසරක් ඇතුළත මෙම කමිටුවේ පළමු රැස්වීම පැවැත්විය යුතු බව කී හෙතෙම අවශ්‍ය නම් කඩිනම් රැස්වීමක් කැඳවිය හැකි බව ද කීය.

ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සංශෝධනය කළ නොහැකි බවට නැගෙන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව වීරසිංහ මහතා මෙම ඒකාබද්ධ කමිටුව මගින් ඉදිරිපත් කරන යෝජනා හා නිරීක්ෂණ මත ගිවිසුම සංශෝධනය කළ හැකි බව ද වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුමට ඒකාබද්ධ කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site