2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ශල්‍ය ගෝස් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය සුළු පරිමාණ නිෂ්පාදකයන් නගා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය මත පදනම්ව රජයේ රෝහල් සඳහා අවශ්‍ය ශල්‍ය ගොස් නිත්‍ය සලාක ක්‍රමයක් යටතේ දේශීය නිෂ්පාදකයන් වෙතින් මිල දී ගනු ලබයි. 2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශය වෙත ශල්‍ය ගෝස් අවශ්‍යතාව මීටර් මිලියන 30 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
ශල්‍ය ගෝස් සලාක නිර්ණය කිරීමේ කමිටුව විසින් ලියාපදිංචි දේශීය නිෂ්පාදකයන් 282 දෙනකුගෙන් 2025 වසර සඳහා ශල්‍ය ගෝස් මීටර් මිලියන 30 ක් මිල දී ගැනීම නිර්දේශ කර තිබේ. එලෙස මිල දී ගනු ලබන ශල්‍ය ගෝස් මීටරයක ස්ථාවර මිල ශ්‍රී ලංකා රුපියල් 68.97 ක් ලෙස මිල කමිටුව විසින් අනුමත කර ඇත.
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව 2025 වර්ෂය සඳහා ශල්‍ය ගෝස් මීටර් මිලියන 30 ක් එකී ස්ථාවර මිල යටතේ වෛද්‍ය සැපයීම් අංශයේ ලියාපදිංචි දේශීය නිෂ්පාදකයන් 282 දෙනකුගෙන් මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශල්‍ය ගෝස් ලබා ගැනීම දේශීය නිෂ්පාදකයන්ගෙන්