IMG-LOGO

2026 නොවැම්බර් මස 20 වන සිකුරාදා


සිංගර් ෆිනෑන්ස් වෙතින් රුපියල් බිලියන 3ක් වටිනා හිමිකම් නිකුතුවක්

සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී සමාගම රුපියල් බිලියන 3ක මුදලක් රැස් කිරීම සඳහා නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 76,648,787 ක හිමිකම් නිකුතුවක් සිදු කිරීමට සූදානම්ව සිටින බව පවසයි.

මෙහිදී දැනට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 29 ක් සඳහාම නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 8 බැගින් නිකුත් කෙරෙන අතර, එක් කොටසක් රුපියල් 39.20 බැගින් නිකුතුවේ වටිනාකම රුපියල් 3,004,632,450.40 ක් ලෙස මිල කර තිබේ.

සිය ප්‍රාග්ධන පදනම ශක්තිමත් කර ගැනීම සහ ණය දීමේ වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් මෙම නිකුතුව සිදු කරන බව සිංගර් ෆිනෑන්ස් සඳහන් කරයි. 



අදහස් (0)

සිංගර් ෆිනෑන්ස් වෙතින් රුපියල් බිලියන 3ක් වටිනා හිමිකම් නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site