IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සීගිරිය ලෝකයේ බැබළෙයි

යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු


සීගිරිය මෙම වසරේ (2025) ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගෙන තිබේ.

ලොව ඉදිරියෙන්ම සිටින වෙබ් අඩවියක් වනබුකින් ඩොට් කොම්’ වෙබ් අඩවිය නම් කළ 2025 වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර සීගිරිය ඉදිරියෙන් සිටියි.

‘බුකින් ඩොට් කොම්’ වෙබ් අඩවිය එහි 13 වැනි ට්‍රැවලර්ස් රිවීව්’ සම්මාන ප්‍රදානයට සමගාමීව මෙම අනාවරණය කර තිබේ.

විදේශ සංචාරකයන්ට නවාතැන්, ප්‍රවාහන, ආරක්‍ෂාව ඇතුළු සංචාරක පහසුකම් සපයාගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවදානය යොමු කර සීගිරියට මෙම ස්ථානය හිමිව තිබේ.

ලොව ප්‍රසිද්ධම වෙබ් අඩවියක් වනබුකින් ඩොට් කොම්’ වෙබ් අඩවිය සතුව පරිශීලකයන් කෝටි 30 කට අධික සංඛ්‍යාවක් සිටිති. 2024 වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2,053,465 කි.



අදහස් (0)

සීගිරිය ලෝකයේ බැබළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site