IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


සංචාරක පැමිණීම් දස ලක්ෂයට ළංවෙයි

 


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මැයි මස 13 වැනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 956,639 ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.

එසේම මැයි මස පළමු වැනිදා සිට 13 වැනිදා දක්වා සංචාරකයන් 59.755 ක් මෙරටට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තාවල සඳහන් වේ.

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මැයි මස 13 වැනිදා දක්වා කාලයේදී මෙරටට වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම කාලයේදී ඉන්දියානු සංචාරකයන් 175,871 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. එම කාලයේදී රුසියාවෙන් සංචාරකයන් 109,005 ක් සහ බ්‍රිතාන්‍යයෙන් සංචාරකයන් 91,309 ක් මෙරටට පැමිණ ඇත.

 



අදහස් (0)

සංචාරක පැමිණීම් දස ලක්ෂයට ළංවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site