IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍රවලට ඉතාලියේ සහාය

  • රැකියා අපේක්ෂකයන්ගේ වීසා ගැටලුවට කඩිනමින් විසඳුම්

අංජුල මහික වීරරත්න
ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා ඉතාලි රජයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික්  (Damiano Francovigh)  යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (27) පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ නව රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි රජයේ සහාය ලබා දෙන බව තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ඉතාලි රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වීසා ගැටලු‍ කඩිනමින් නිරාකරණය කිරීමට අපේක්ෂා කරන බවද ඉතාලි තානාපතිවරයා පැවසීය.
ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සහ ඉතාලියේ රැකියා අපේක්ෂිත ශ්‍රී ලංකිකයන්ට නීත්‍යානුකූල රැකියා අවස්ථා සඳහා පහසුකම් සැලසීමට දැනට සකස් කර ඇති ගිවිසුම්වලට ශ්‍රී ලංකා රජය සහාය දක්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය.



අදහස් (0)

සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍රවලට ඉතාලියේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site