භානුක අමරසිංහ
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පැරණිතම ජාත්‍යන්තර බැංකුවක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව මෙරට තුළ සිය සිල්ලර බැංකුකරණ ව්‍යාපාරය (wealth and retail banking) වෙනත් පාර්ශ්වයක් වෙත අලෙවි කිරීමට අදහස් කර ඇතැයි පවසයි.
එම බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා විසින් බැංකුවේ ගනුදෙනුකරුවන් වෙත සටහනක් තබමින් මේ බව පවසා තිබේ. එහිදී මෙම ව්‍යාපාරය වෙනුවට බැංකුව සාංගමික සහ ආයතනික බැංකුකරණ (coporate and institutional) සේවා සැලසීමට යොමුවීමට ඔවුන් අදහස් කරගෙන සිටියි.
කෙසේ වෙතත් මෙම ව්‍යාපාර අලෙවි කිරීම සම්බන්ධයෙන් නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද ප්‍රධාන විධායක නිලධාරිවරයා සඳහන් කර තිබේ. මේ අතර අදාළ ව්‍යාපාර මෙහෙයුම් අලෙවි කිරීම ඉදිරි මාස 15-18ත් අතර කාලයේදී සිදු වනු ඇති බවත්, එම කාලසීමාවේදී කිසිදු ආකාරයකින් බැංකුවේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතුවලට බාධාවක් එල්ල නොවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් මෙරට සිල්ලර බැංකු ව්‍යාපාරය අත්හරී