IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සෙන්ති සෙන්තිල්වර්ල් අමානා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට


භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත අමානා බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සෙන්ති නන්දනන් සෙන්තිල්වර්ල් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව මාර්තු 07 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා බැංකුවේ විධායක නොවන/ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර ගෙන තිබේ. 

මෙම පත් කිරීම සඳහා මහ බැංකුවේ අනුමැතියද හිමිව ඇතැයි සමාගම පවසයි. සෙන්තිල්වර්ල් මහතා සතුව මූල්‍යමය සේවා, බලශක්ති, FMCG සහ ආයෝජන යන ක්ෂේත්‍ර තුළ වසර 24කට අධික කාලයක නායකත්ව මට්ටමේ අත්දැකීම් සහිත බවත් සමාගම පවසයි. ඒ මහතා මේ වනවිට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි.

 ඒ මහතා විධායක අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සතුව සම්පත් බැංකුව සහ කාර්ගිල්ස් බැංකුව හරහා අමානා බැංකුවේ කොටස් සියයට 16.32 ප්‍රතිශතයක් පවතී. 



අදහස් (0)

සෙන්ති සෙන්තිල්වර්ල් අමානා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site