මෙරට ඉටි ආලේපිත ආරක්ෂිත ගිනිකූර හඳුන්වා දුන් සූර්යා සන්නාමයේ “සන්මැච්“ සමාගමේ නිර්මාතෘ දිවංගත ටී.ආර්.ආර් රාජන් මහතාගේ 22 වැනි අනුස්මරණ සංවත්සරය වෙනුවෙන් 240 වන කෘත්‍රිම පාදය පරිත්‍යාග කිරීමේ උත්සවය පසුගියදා පැවැත්විණි.
“නැවත ඇවිදිමු“ නමින් නම් කර ඇති මෙම සමාජ සත්කාරක වැඩසටහන වරප්‍රසාද අහිමි අත් පා නොමැති ප්‍රජාව වෙනුවෙන් කෘත්‍රිම අත් පා ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ. අත්පා අහිමි ජනතාවගේ තීරණාත්මක අවශ්‍යතාය සපුරාලීම සහ එම පුද්ගලයන්ට නව ජීවයක් ලබා දීම වැඩසටහනේ අරමුණ වේ.
මෙම සත්කාරය සන්මැච් ආයතනයේ නිර්මාතෘ දිවංගත ටී.ආර්.ආර් රාජන් මහතාගේ හදවතේ පැළ වූ සංකල්පයකි. සමාජය තුළ එතරම් අවදානයකට බඳුන් නොවන මෙම සුවිශේෂී ප්‍රජාවගේ උවමනාවන් නිසි ලෙස අවබෝධ කරගනිමින් ඒ මහතා විසින් අරඹන ලද මෙම සත්ක්‍රියාව ඒ මහතාගේ 22 වන ගුණානුස්මරණය සමරණ මේ මොහොත දක්වා නොකඩවා පැවැත්විය.
සන්මැච් සමාගම ශ්‍රී ලංකාවේ ගිනි කූරු නිෂ්පාදනයේ හැරවුම් ලක්ෂය වූ සූර්යා ගිනි පෙට්ටි, සූර්ය හඳුන්කූරු, සූර්යා ඉටිපන්දම් සහ සූර්යා සාම්බ්‍රානි ඇතුළු පාරිභෝගික භාණ්ඩ රැසක් නිෂ්පාදනය කරමින් විවිධාංගීකරණය වූ සමාගමකි.
සන්මැච් නිර්මාතෘ සමරා 240 වැනි කෘත්‍රිම පාදය පරිත්‍යාග කරයි