IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සිනමන් හොටෙල්ස් වෙතින් KANDY MYST BY CINNAMON

 

  • සංචාරක ආකර්ෂණයට නව පියවරක්
  • දේශීය රැකියා රැසකටත් අවස්ථාව
  • මහනුවර සංස්කෘතික අනන්‍යතාව නූතනත්වයට මුසු කිරීමක්

සිනමන් හොටෙල්ස් & රිසෝර්ට්ස් (Cinnamon Hotels & Resorts) සහ Indra Traders සමූහ ආයතනය සමග එක්ව, නවතම හෝටල් ව්‍යාපෘතිය වන කැන්ඩි මිස්ට් බයි සිනමන් (Kandy Myst by Cinnamon), 2025 නව වසරේදී මහනුවර ප්‍රදේශයෙහි ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය හරහා, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සහ සංචාරකයන් අතර අතිශයින්ම ජනප්‍රිය සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් වන කන්ද උඩරට ප්‍රදේශය තව තවත් ආකර්ෂණීය කිරීමට බලාපොරොත්තු වේ.

ව්‍යාපාරික සහ විනෝදාස්වාදය සඳහා පැමිණෙන සංචාරකයන්ට සුදුසු පරිදි නිමැවූ Kandy Myst by Cinnamon නුවර කටුගස්තොට ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇති බැවින් සියලු‍ නාගරික පහසුකම් සඳහා ද මහනුවර නගරයේ වැදගත් ස්ථාන සියල්ල සංචාරය කිරීම සඳහා ද ප්‍රවේශ පහසුකම් ඇත. මෙම හෝටල් පරිශ්‍රය, කන්ද උඩරට රාජධානියට ආවේණික සංස්කෘතික ආභාසය සමග නවීන අංග මුසු කරමින් උසස්ම ප්‍රමිතියට අනුකූලව නිමවා ඇති අතර, මහනුවර ප්‍රදේශය තුළ තනි හෝටලයක් සතුව ඇති විශාලතම නවාතැන් පහසුකම් සංඛ්‍යාව හිමි Kandy Myst by Cinnamon, කාමර 215 කින් සමන්විත වේ.
හෝටල් පරිශ්‍රය විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් Cinnamon Hotels & Resorts හි Sri Lanka Resorts අංශ ප්‍රධාන උප සභාපති යොහාන් අස්කාන් මහතා පවසා මෙසේ පවසා සිටියේය. ”‍ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වැඩි පිරිසක් සඳහා මහනුවර තවමත් ප්‍රමුඛතම ගමනාන්තයක් වන අතර එම සංචාරක ඉල්ලු‍මත් සමග බිහි වූ Kandy Myst by Cinnamon සඳහා අපගේ අරමුණ වුයේ, එම පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන්ට මහනුවර නගරය තුළ වෙනස් සහ නවීන අත්දැකීමක් ලබා දීමයි. දේශීය සහ විදේශීය සංචාරකයන්ට මෙම නවීන අත්දැකීම ලබාදීමට හැකි අවකාශයක් අපි Kandy Myst by Cinnamon මගින් නිර්මාණය කරමින් සිටිනවා.
Kandy Myst by Cinnamonහි අවන්හල් සහ පහසුකම් රැසක් සමන්විත වේ. Grains Dining, Kosmos Skybar; සහ Terra Lounge යන අවන්හල් සමඟ ආකර්ෂණීය Infinity පිහිනුම් තටාක අත්දැකීමක්, ව්‍යායාම් පහසුකම් සහ හෝටලයට පැමිණෙන්නන් සඳහා ඉඩකඩ සහිත රථගාලක් වැනි පහසුකම් ද ඒ අතර වේ.
Cinnamon Hotels & Resorts සමූහය මහනුවරට ව්‍යාප්ත වීම පිළිබඳව අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරි මිකෙල් ස්වෙන්සන් මහතා මෙලෙස තම අදහස් දැක්වීය. ”‍Kandy Myst by Cinnamon යනු Cinnamon Hotels & Resorts ජාලයට තවත් එක් හෝටලයක් එකතු වීමක් පමණක්ම නොවේ. මෙමගින් අපගේ අරමුණ වන්නේ සංචාරක ක්ෂේත්‍රය වර්ධනය කිරීමට සහ ඒ ඔස්සේ දේශීය ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් කැපවීමයි. මේ හරහා දේශීය කුසලතාවලට රැකියා අවස්ථා ලබා දීමට ද ආයතනික තිරසාරත්වය ඔප්නංවමින්, දේශීය ආර්ථිකයට දායක වීමට ද අප බලාපොරොත්තු වෙනවා.”‍ 
මෙම දීර්ඝ කාලීන සබඳතාව පිළිබඳ අදහස් දක්වමින් Indra Traders සමූහ ව්‍යාපාරයේ සභාපති ඉන්ද්‍ර සිල්වා මහ මෙසේ පැවසීය. ”‍සංචාරක ක්ෂේත්‍රයට අපගේ ප්‍රවේශය සනිටුහන් කරන සන්ධිස්ථානයක් වන Kandy Myst by Cinnamon ව්‍යාපෘතියට Cinnamon Hotels & Resorts සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. Kandy Myst by Cinnamon මගින්, මහනුවර ප්‍රදේශය, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගමනාන්තයක් ලෙස ආකර්ෂණය වැඩි දියුණු කිරීමට සහ එම ප්‍රදේශයේ ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එමගින් සංස්කෘතික සාරය සමඟ නූතනත්වය මුසු වූ අන්තර්ජාතික මට්ටමේ පිළිගත් ආගන්තුක සත්කාර අත්දැකීමක් ලබා දීම අපගේ අරමුණයි”‍.

 



අදහස් (0)

සිනමන් හොටෙල්ස් වෙතින් KANDY MYST BY CINNAMON

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site